අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ඇමතිවරයා මෙසේද පැවසී ය.
“ආර්ථික කමිටුව තවම තියෙනවා. ඒක අහෝසි කරලා නැහැ. ආර්ථික කමිටුව ගැන ඉදිරිපත් කළ කැබැනට් පත්‍රය සති දෙකකට කල් තිබ්බා එච්චරයි. අගමැතිතුමාගේ ආර්ථික කමිටුව තියෙනවා. ජනාධිපතිතුමාගේ ආර්ථික කවුන්සිලයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා. එම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ඇති වන බාධක දුෂ්කරතා ගැන ආර්ථික කමිටුව තීරණ ගන්නවා. ඒවා නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා“ යැයි ද මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් ආර්ථික කළමනාකරණ අමාත්‍ය කමිටුව අහෝසිකිරීමට ජනාධිපතිවරයා විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.
එසේ තිබියදීත් තවදුරටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ කටයුතු සිදුව ඇති බැවින් ජනාධිපතිවරයා පසුගිය 27 වනදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයාට දෝෂදර්ශනයට ලක් කර ඇති බවට වාර්තා පළවිය.
ආර්ථිකය මෙහෙයවීම කළ යුත්තේ කැබිනට් මණ්ඩලය බවට ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
රනිල්ගේ කමිටුව අහෝසියට ජනපතිගෙන් හේතු 4ක්
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කළ කැබිනට් සංදේශයේ ඊට හේතුව ලෙස කරුණු 04ක් ඉදිරිපත්කර තිබේ.
අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමග නිසි සහයෝගිතාව සහ උපදෙස් ලබා නොගැනීම, තීරණ ගැනීමේදී ප්‍රමුඛතා හඳුනා නොගැනීම, ආර්ථික යෝජනා අවශ්‍ය පරිදි නිසි පරිදි සහ ක්‍රමවත් පරිදි සකස් නොකිරීම, ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිමත් සම්බන්ධීකරණයක් නොමැතිවීම යන කරුණු එහි ඇතුළත්ය.
අමාත්‍යාංශ මට්ටමින් ගතයුතු තීරණද ආර්ථික කළමනාකරණ කමිටුවට යොමුකිරීමෙන් අනවශ්‍ය ලෙස කාලය වැයකිරීමක් සිදුවන බවත්, රටේ ආර්ථිකය සහ ජනතාව වෙනුවෙන් තමා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද අදාළ සංදේශයේ සඳහන්ය.
ආර්ථික කළමනාකරණය සඳහා එක් ආයතනයක් පමණක් තිබිය යුතුයැයි ජනතා විශ්වාසය බවත්, ඒ අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආර්ථික සභාව ඉහළම ආයතනය වන බවද ජනාධිපතිවරයා මෙම කැබිනට් සංදේශයේ සඳහන් කර ඇත.
ඒ අනුව ආර්ථික කළමනාකරණ කමිටුව සහ ඒ හා සබැඳි සියලුම කමිටු ඒකක සහ ක්‍රියාවලි අහෝසිකිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා යෝජනාකර තිබේ.
ඉහළ ආර්ථික යෝජනා සඳහා වන පත්‍රිකා පමණක් සාකච්ඡා කිරීමට අනුකාරක සභාවක් පත්කළ හැකිබවද ජනාධිපතිවරයාගේ සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS