මේ රටේ ඇති වු දේශපාලන පෙරලියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ...
මේ රටේ ඇති වු දේශපාලන පෙරලියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
ඒ මස්කෙලිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඇතැම් සමාජිකයන් කලකිරිමෙන් සිටියත් ඇති වු දේශපාලන පෙරලියත් සමග මත භේද පසකලා සියළු එක්සත් ජාතික පක්ෂිකයන් එකට එක් වි එක්සත් ජාතික පක්ෂය ශත්කිමත් කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරිමට ක්‍රියාකල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පුද කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.
යහපාලන රජයක් තුල මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධින කර ශක්තිමත් කිරිම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ස්වාධිනව නිර්භයව තම නියෝග ලබාදෙන බව නවින් දිසානායක මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය සදහා විවිධ නම් යෝජනා වි ඇති බවත්, තමන්ට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා ඇතුළු ඕනැම අයෙකු සමග වැඩ කිරිමේ හැතියාවක් ඇති බවත් ඉදිරි සතිය තුල ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට තැබු පය අඩියක් පස්සට ගෙන මේ රටේ ඉකුත් මස 26 පෙර තිබු පාලන තත්ත්වයට මේ රට ඇති කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවත් නවින් දිසානායක මහතා කියා සිටියේය.
(හැටන් රන්ජිත් රාජපක්ෂ)
COMMENTS