ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ. අද පස...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.
අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා සමඟ ද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මුණගැසී සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණු නියෝජිතයින් තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවයි.
COMMENTS