යාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාග දීපය නැමති නාමපුවරුවේ රාත්‍රියේ නාගදීප චෛත්‍ය වැසෙන ...
යාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාග දීපය නැමති නාමපුවරුවේ රාත්‍රියේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
කයිට්ස් වේලනෙයි මන්සන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංගීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුලු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට් පොලීසිය කියා සිටියේය.
කෙසේ වෙතත් අදාල රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරඹා ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
පසුගිය පලාත් සභා පාලන සමයේදීද හටපු උතුරු මහඇමති සී.වී.විග්නේශ්වරන් ඇතුලු දෙමළ දේශපාලඥයින් විසින් උතුරු පලාත් සභාවේදී විරොධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවටත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවටත්ය එමෙන්ම නාගදීප විහාරය ඉදිරිපිට ඉදිකිරීමට නියමිතව තිබූ බුදු පිළිමයටද දැඩි ලෙස විරෝධය පෑම සිදු විය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS