විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකුට උපදෙස් ල...
විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකුට උපදෙස් ලබා නොදුන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටක මත පල නොකල බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා කිසිවිටෙකත් පක්ෂව, විපක්ෂව හෝ ඡන්දය දීමෙන් වළකින ලෙස නොපැවසු බවත් අගමැතිවරයා මෙයින් දින්නත් පැරදුනත් 5 වෙනිදා උදෑසන වෙද්දි තමා ආණ්ඩුව ගෙන යා යුතු බවත්, එනිසා තමා කිසිවිටෙකත් පැත්තක් නොගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
එනිසා පාර්ලිමේන්තු කණ්ඩායමක් වශයෙන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පැවසු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂය තුළ මත දෙකක් දැරුවද සෑම විටම බහුතර මතයට ගරු කළ බවත් එහෙත් අවසන් මොහොතේ තිලංග සුමතිපාල මහතා සහ එස්.බී.දිසානායක මහතා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසී ය.
ඡන්දය පැවැත්වෙන විට එයට නොගිහින් සිටින ලෙස පවසා අන්තිමේ දී මෙවැනි තීරණයක් ගනු ලැබුවේය යන්න අමාත්‍යවරයා හැඟීම්බර ලෙස මාධ්‍ය හමුවේ කියා සිටියේය.
කෙසේ වෙතත් ඒකාබද්ධයේ අරමුණ වුයේ ගමේ බලය ලබා ගත් ආකාරයෙන් රටේ බලය ද ලබා ගැනීම බව ද මේ සඳහා ඔවුන් ප්‍රබල කුමන්ත්‍රණයක සිටි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම මාධ්‍ය හමුවට විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට ඊයේ (04) පාර්ලිමේන්තුවට නොපැමිණි අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි සොයිසා සහ රංජිත් සියඹලාපිටිය එක්ව සිටියහ.
COMMENTS