දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘තූල්’ ගහල දරුවො පිස්සු වට්ටන මැදිරිගිරියෙ මත් ගිනිගොඩ.

අප ජීවත් වන්නේ අබුද්දස්ස කාලයකය. නිරන්තරවම දක්නට ලැබෙන්නේත් අසන්නට ලැබෙන්නේත් සිදු නොවිය යුතු සිදුවීම්ය. නොදරුවෝ අවකල් ක්‍රියාවන්ට ලක් වෙත...


අප ජීවත් වන්නේ අබුද්දස්ස කාලයකය. නිරන්තරවම දක්නට ලැබෙන්නේත් අසන්නට ලැබෙන්නේත් සිදු නොවිය යුතු සිදුවීම්ය. නොදරුවෝ අවකල් ක්‍රියාවන්ට ලක් වෙති. යෞවනයේ නිර්මල වියේදීම ස්වකීය ජීවිත වටිනාකම් අත්හැර ගනිති.

මේ අතර කවරදාකවත් අප අසා නැති මත්ද්‍රව්‍ය වැනි දෑ භාවිත කිරීමට තරුණ පාසල් දරුවන් පෙලඹීම මහා සමාජ ඛේදවාචකයක් බවට පත් වෙමින් තිබේ.

මෙවැනි නොහික්මුණු අපචාරයන් මෙතෙක් වැඩි වශයෙන් වාර්තා වුණේ නගරාශ්‍රිත ප්‍රදේශවලිනි. එහෙත් දැන් දැන් ගම්වල අහිංසක දරුවන්ද ඒවායේ ගොදුරු බවට පත්වෙමින් සිටින්නේ කනගාටුදායක ලෙසිනි.

මෙහි අලුත්ම සිදුවීමක් තවමත් හේන් කුඹුරු අස්වද්දන අෑත මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වීම කැපී පෙනේ. මෙහි ගොදුරු බවට පත්ව ඇත්තේ තාමත් කටේ කිරි සුවඳවත් නොගිය දරු පිරිසකි.

ඊටත් එහා ගිය සිත් රිදීම වන්නේ දැරියන් කීප දෙනකුද මෙම අවලම් ක්‍රියාවට සම්බන්ධ වී තිබීමයි.
මේ සිදුවීමට පසුබිම් වූ පාසල හා ඒ අවට ප්‍රදේශයේ කරුණු සොයා බැලූ අපට මුලින්ම අනාවරණය වන්නේ මෙම සිදුවීම එක් දිනක සිදුවූ හුදකලා සිදුවීමක් නොවන බවය. දැනට ටික කාලයකට පෙර මෙම පාසලෙන් ඉවත්ව ගිය දැන් නන්නත්තාර වී රස්තියාදු ගසන හිස් මිනිසුන් කීප දෙනකු මෙම ක්‍රියාදාමය පිටුපස ඇති බව කියැවේ. එමෙන්ම එය මැදිරිගිරියට පමණක් සීමා නොවන ව්‍යසනයකි. හිඟුරක්ගොඩ, පොළොන්නරුව වැනි අර්ධ නාගරික ප්‍රදේශවල ඇතැම් පාසල් දරුවන්ද මෙම මත්ද්‍රව්‍ය සඳහා පෙලඹෙන බවට දැන් දැන් වාර්තා වෙමින් තිබේ.

දරුවන් පෙලඹී ඇති මෙම මත්ද්‍රව්‍ය වූ කලී අහඹුවක් නොව අප ලාංකේය සමාජයේ චිරාත් කාලයක සිට පැවත එන සිංහල දුම්කොළ හා හුනු වියළා සකස් කර ගත්තකි. මීට ඇබ්බැහි වන පිරිස් වියළා ගන්නා මිශ්‍රණය කුඩු බවට පත්කර ගනිති. එසේ කුඩු කර ගැනීමෙන් පසු ඒවා දිව යට තබා ගැනීමෙන් පසු මත්වන බවට අනාවරණය වේ. මෙලෙස මත්වීමෙන් පසු තනිකරම පිස්සු කෙළින ඔවුහු ඇතැම් විට ශරීර කපා ගනිති. ලේ දැකීමටත් ප්‍රිය කරන බව සඳහන්ය. "තූල්" නමින් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය විශේෂය දැන් දැන් මහා වසංගතයක් බවට පත් වන්නේ ඔය ආකාරයටය.

මැදිරිගිරිය පාසලක දරුවන් 41 දෙනකු මේ මත්ද්‍රව්‍ය භාවිත කර විකල් වූ ආකාරය පසුගිය සතියේ වාර්තා විය. එම සිදුවීම එක් දිනකින් එක් රැයකින් සිදු වූවක් නොවන බව අප මුලින්ම සඳහන් කළෙමු. එය අවම වශයෙන් සති කීපයක සිට පාසල තුළ ක්‍රියාත්මක වී ඇති බවයි පැවැසෙන්නේ. එහෙත් මෙය ගුරුවරුන්ට හසු වන්නේ ඉකුත් බදාදා දිනයේය. සාමාන්‍ය පෙළ පන්තිවල සිසුන් කීප දෙනකුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කරන ගුරුවරයකු මේ බව පාසලේ ප්‍රධානීන්ට දන්වා ඇත්තේ කිසියම් දෙයක ඉවක් වැටුණු නිසා විය යුතුය. ඒ අනුව විදුහල්පති නියමයෙන් 10 වසරෙන් ඉහළ සියලුම දරුවන් හදිසි පරීක්ෂණයකට ලක් කරන අතර දරුවන් දස දෙනකු ළඟ පෙර කී "තූල්" තිබී හසුවුණේය. මේ පිළිබඳව තව දුරටත් කරුණු සෙවූ පාසල් විනය කමිටුවට දරු දැරියන්ගේ ශරීරවල තිබූ අසාමාන්‍ය තුවාල කැළැල් දුටුවේය. ඔවුන්ගේ තොරතුරු මත තවත් සිසු සිසුවියන් මීට සම්බන්ධ බවට හෙළිදරව් විණි. එසේ හසුවූ ගණන 41කි. මේ සියලු දෙනාම එදින මත්වී නොසිටි නමුත් ඔවුන් "පෙර වැරැදි" සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය විය.

මෙම සිදුවීමෙන් කලබල වන විදුහල් පාලනාධිකාරිය දරු දැරියන්ගේ මවුපියන් පාසලට කැඳවා ඔවුන්ගේ දරුවන්ගේ "තෝම්බුව" කියා දුන්නේය. වැඩිදුර අවවාද කිරීම් සඳහා දඩබ්බර සිසුන් කීප දෙනකු මැදිරිගිරිය පොලිසිය වෙත යොමු කළේය. දැඩි අවවාද කිරීම් මත පසුව ඔවුන් මුදා හැරියේය. මේ බව මාධ්‍ය මඟින් අනාවරණය වීමෙන් පසු ඉකුත් 13දා පාසලේ සියලුම දරු දැරියන් ඒකරාශී කරන පාලනාධිකාරිය පොලිසියේද සහාය ඇතිව මත්ද්‍රව්‍යවල ඇති ආදීනව ගැන වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.

මේ සිදුවීම පිළිබඳව වැඩිදුරටත් කරුණු දැන ගැනීම සඳහා "මව්බිම" හිඟුරක්ගොඩ හා මැදිරිගිරිය අධ්‍යාපන බලධාරීන් කීප දෙනකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත් නමුත් ඔවුන් කිසිවකුත් මේ ගැන කරුණු කීමට මැළි බවක් පෙන්වීය. "පස්සේ කියන්නම්. පරීක්ෂණයක් යනවා" ඔවුන් කීවේ එවැන්නකි.
අප මේ කතාව ඔබට කියන නමුත් "තූල්" හදන ආකාරයවත් එය පාවිච්චි කරන ආකාරයවත් කිසිදු ලෙසකින් මතකයේ තබා ගතයුතු නැත. මන්ද අපේ අය හොඳ දෙයකට වඩා නරක දෙයක් වැලඳ ගැනීමට උපන් හපන් අය නිසාය.

කෙසේ වුවද අද මෙම සිදුවීම මැදිරිගිරියෙන් වාර්තා වුවද මෙබඳු මත්ද්‍රව්‍ය හා මත්වන බීම වර්ග, ටොෆී පාසල් ආශ්‍රිතව විකිණෙන බවට පොලිසිය මඟින් වරින් වර මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය අද තූල් නමින් ආවත් හෙට එන්නේ වෙනත් නමකින්ය. විශේෂයෙන්ම අපි මේ කතා කරන හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය තුළ මෙවැනි දෑ ඉක්මනින් පැතිරෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වෙමින් තිබේ. මීට මාස කීපයකට පෙර මෙම අධ්‍යාපන කලාපයේම ප්‍රකට පාසලක කැන්ටිමේ කසිප්පු පෙරා ජාවාරමක් කිරීමේ සිද්ධියක්ද වාර්තා විණි. ඒ නිසා හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ දරුවන් ගැන අධ්‍යාපන බලධාරීන් වහා සොයා බැලිය යුතුය. එය අප වඩා අවධාරණය කරන්නේ උතුරු මැද පළාතේ අධ්‍යාපන කලාප අට අතුරින් දුර්වලම අධ්‍යාපන කලාපය හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය බවට පත්ව ඇති නිසාය. එවන් තත්ත්වයක් තුළ පෙර සඳහන් කළ ආකාරයේ සිදුවීම්වලින් අංක 01 බවට පත්වීමද අරුමයක් නොවේ.

මින්නේරිය - වාසල බණ්ඩාර


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘තූල්’ ගහල දරුවො පිස්සු වට්ටන මැදිරිගිරියෙ මත් ගිනිගොඩ.
‘තූල්’ ගහල දරුවො පිස්සු වට්ටන මැදිරිගිරියෙ මත් ගිනිගොඩ.
http://ift.tt/2uRPrXP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_198.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_198.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy