තමන් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා නිසා මෙම තනතුරුවල සිට වැඩකටයුතු සිදුකරන බව එක්සත්...
තමන් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා නිසා මෙම තනතුරුවල සිට වැඩකටයුතු සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.
ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.
විශ්වාසභංගය පරදින බව තමන් මුලසිට දැනගෙන සිටි බවත් එය මෙහෙයවූ පුද්ගලයින්ම අවසානයේ විශ්වාසභංගය දිනන්න බැරි බව පැවසූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ විශ්වාසභංගය පිළිබඳ සත්‍ය කතාව ඉදිරියේදී සජීවී වැඩසටහනකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ඉවත්වූ පිරිස නැවත ඇමතිකම්වලට ගැනීමට සඳහා තමන් දැඩිව ඉල්ලීම් කළ බවත් අවසානයේ එය සාර්ථක නොවූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS