පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ඇතැම් වෙළඳුන් විසින් සිදු කරන වංචනික වෙළඳාම් හේතුවෙන් පාරීභෝගියකයන්ගේ පැමිණිමේ මේ වන විට අඩු වී ඇති බව මත්ස්‍ය ව...
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ඇතැම් වෙළඳුන් විසින් සිදු කරන වංචනික වෙළඳාම් හේතුවෙන් පාරීභෝගියකයන්ගේ පැමිණිමේ මේ වන විට අඩු වී ඇති බව මත්ස්‍ය වෙළඳපොළේ මෙහෙයුම් කළමණාකරු චමින්ද සිල්වා මහතා පවසයි.
මෙම වෙළඳපොළෙන් මත්‍ස්‍යන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභොගිකයින්ට ඉල්ලුම්කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලබා දෙන අතර ඉල්ලුම් කරන ප්‍රමාණය සඳහා මුදල් ලබා ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.
කලක පටන් ඇතැම් වෙළඳුන් මෙම ක්‍රියාව සිදු කරන බවත් මෙම වෙළඳපොළ වෙත පාරීභෝගියින්ගේ පැමිණීම අඩු වීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමකදී මෙය වංචාව පසුගිදා අනාවරණය කර ගැනීමට හැකිවු බව ඒ මහතා පැවසීය.
සීසීටීවි දර්ශනයන් නිරීක්ෂණය කර බලන විට අවශ්‍ය මාළු ප්‍රමාණය තරාදියේ දමා බර බලන විට එයට මාළු කට්ටක් ඇතුළත් කරන අතර, පසුව එම ප්‍රමාණයට පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගන්නා බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මෙම දර්ශනයන්ගේ ඇතුළත් වන්නේ ද ඔවුන් එම ක්‍රියාව සිදු කරන ආකාරය වන අතර, පසුව කට්ට ඉවත් කර අඩු බරින් යුත් මාළු කැබැල්ල පාරිභෝගිකයාට ලබා දෙනු ඇත.
එම වීඩියෝව පහතින්,
COMMENTS