දැයේ දුවා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා කිරි ගොවියා තවත් දිරිමත් කර ඔවුන්ගේ ජීවන උපාය ශක්තිමත් කිරීම යන කරුණු මුල් කර ගනිමින් දෛනිකව ක...
දැයේ දුවා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා කිරි ගොවියා තවත් දිරිමත් කර ඔවුන්ගේ ජීවන උපාය ශක්තිමත් කිරීම යන කරුණු මුල් කර ගනිමින් දෛනිකව කිරි ලීටර් ලක්ෂයක් රජය විසින් මිල දී ගෙන සියළු ප්‍රාථමික දරුවන්ට නොමිලේ ලබා දීමට ඉකුත් දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව එම කැබිනට් යෝජනාවට ඊයේ(28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතියද හිමි වී තිබේ.
ග්‍රාම ශක්ති හරහා මෙම ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර පිටිකිරි, කෘතීම රසකාරක අඩංගු කිරි නිෂ්පාදනවලට වඩා දෛනිකව දියර කිරි වලට පාසැල් දරුවන් හුරු වීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.
දැනට ශ්‍රී ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂ දහයක් වේ. එයින් කිරි ලීටර් ලක්ෂයක් මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් මිලදී ගැනීමට නියමිතයි.
මෙම තීරණය නිසා නොබෝ දිනකින් පිටිකිරි වලට හුරු වූ ජනතාව දියර කිරිවලට හුරු වන අතරම දැයේ සුවහසක් දරුවන්ගේ පෝෂණ මට්ටම මෙන්ම අසරණ කිරි ගොවියාගේ ආර්ථික මට්ටමද ඉහල යනු ඇතැයි රජය අපේක්ෂා කෙරේ.
COMMENTS