දොඩන්දුව වෙරළ තිරයේ සිට කිලෝමිටර් භාගයක් පමණ ඇත දියඹේ සිට අඩි දෙකහමාරක පමණ වතුර මලක් ඉතා වේගයෙන් වළාකුළු මගින් ඇදගන්නවා දුටුවා යැයි දොඩන්ද...
දොඩන්දුව වෙරළ තිරයේ සිට කිලෝමිටර් භාගයක් පමණ ඇත දියඹේ සිට අඩි දෙකහමාරක පමණ වතුර මලක් ඉතා වේගයෙන් වළාකුළු මගින් ඇදගන්නවා දුටුවා යැයි දොඩන්දුව වෙරළ තිරයතුල ඊයේ (19) පස්වරුවේ ඇතිවු ටෝනාඩෝ තත්වය ගැන අදහස් දක්වමින් ධිවර කාර්මිකයකු ඩබ්ලිව්.එච්.එම් නිලන්ත මහතා අප සමග එසේ කිවේය.
ඔහු මේ ගැන විස්තර කරමින් අප සමග මෙසේද කිවේය.
වෙලාව 5.30ට පමණ වන්නට ඇති මම හිටියේ දොඩන්දුව වෙරළ තිරයේ. ගොඩබිමේ සිටි කිලෝමීටර් භාගයක් පමණ දුරින් ඇත දියඹේදි මුහුදේ ඉදලා වළාකුළුවලට වතුර අදිනවා දැක්කා අඩි දෙකහමාරක රවුමක හැඩයට ජල කදක් තමයි උඩට අදිනවා දැක්කේ. වතුර මලක් විදියට තමයි දැක්කේ. වතුර අදින තැන හොදට පෙනුනා. විනාඩි අටක් වගේ ඇතුලත මේ වගේ ටෝනාඩෝ තත්වයන් දෙකක් දක්නට ලැබුනා. අපි මේකට කියන්නේ අලි හොඩයෙන් වතුර ගන්නවා කියලා. වතුර වළාකුළු මගින් ඉතා වේගයෙන් තමයි උඩට ඇදලා ගන්නේ.”
“පස්සේ ගොඩපැත්තට ඇවිත් වැල්ලේ තිබු වැලිත් උඩට අදිනවා දැක්කා. අපේ ගෙවල් පැත්තට තමයි මේක ගියේ. ඒ සමග සුළගකුත් හැමුවා වළාකුළු පහත් වෙනවා වගේ ඇඹරිලා යනවා වගේ දැක්කා. දොඩන්දුව කුමාරකන්ද ප්‍ර දේශයේ විකිණිමට තිබු පැරණි නිවසක වහලයේ තිබු සෙවිලි තහඩු 10ක් විතර ගසාගෙන ගිහින් තියෙනවා. ඒ නිවසේ කවුරුවත් ඒ අවස්ථාවේ ඉදලා නැහැ. නිවසටත් හානි වෙලා තියෙනවා.” යැයි නිලන්ත මහතා අප සමග කිවේය.
මීට අමතරව ටොනේඩෝ තත්වයකදි කුඩා දරුවෙක් වුවත් ඉහලට ඇදගැනිමට හැකියාවක් පවතින බැව් රුහුණු විශ්ව විද්‍යාලයේ ධිවර හා සාගර විද්‍යා තාක්ෂණ පිඨයේ මත්ස්‍ය ජිව විද්‍යාව පිළිබද ජේයෂ්ඨ මහාචාර්ය රුචිරා කුමාරණතුංග මහත්මිය පවසන්නිය.
ටොනේඩෝ තත්වය පිළිබද අප කළ විමසුමකදි මහාචාර්යවරිය මේ බව සදහන් කළාය.
ඇය මෙසේ අදහස් දැක්වීය.
ශිතල දේශගුණය හා රස්නේ දේශගුණය ගැටෙන තැනකදි තමයි මේ වගේ තත්වයක් ඇති වන්නේ. ශිතල හා රස්නේ යන වායු ධාරාවන් දෙකක් එකිනෙක ගැටෙන තැනකදි සුළියක් හැදිලා අඩු පීඩන තත්වයක් නිර්මාණය වෙනවා. එම ප්‍රදේශයට ඕනෑම දෙයක් පහල ඉදලා ඇදලා ගන්න පුළුවන්. කිලෝ 50ට වඩා බර නැති අය මෙවැනි අවස්ථාවක යකඩයක හෝ එල්ලෙන ඕන නැතිනම් කුඩා දරුවන් කිලෝ 50 වඩා බර තියෙන අයකුගේ අතින් අල්ලා ගෙන යන්න ඕන. කුඩා ළමයෙක් වුනත් උස්සලා ගන්න පුළුවන්. මුහුදේ හරි වැවක හරි මෙවැනි තත්වයක් ඇති වුනොත් වැවේ ඉන්න මාළු පවා ඇදලා ගන්න පුළුවන් මාළු වැස්සක් ආවා කියලා පසුගිය කාලයේ අසන්නට ලැබුණානේ. ඒ වගේ ජලයත් සමග මාළු උඩට ගන්නවා. පස්සේ මාළු ටික වෙනත් තැනකට වැටෙනවා. මේක සාමාන්‍ය තත්වයක්. මෙය දේශගුණයත් එක්ක සම්බන්ධ දෙයක් දේශගුණය දැන් වෙනස් වෙලා ශිතල වායුව හා රස්නේ වායුව එකිනෙක දෙසට ගමන් කරන විට ශිතල වායුවේ ඝනත්වය වැඩියි රස්නේ වායුවේ ඝණත්වය අඩුයි.”
“එහෙම තත්වයක් වු විට ටොනාඩෝ තත්වයක් ඇති වෙන්න පුළුවන්. උත්තර ද්‍රවය ශිතල වනවිට දක්ෂිණත් ද්‍රවය පැත්ත රස්නෙයි. උත්තර ද්‍රවයේ පැත්තේ ඉදලා එන වායුවේ ඝණත්වය වැඩියි ශිතල නිසා රස්නේ වායුව සැහැල්ලුයි එය වේගයෙන් ගමන් කරනවා. නමුත් ශිතල වායුව වේගයෙන් ගමන් කරන්නේ නැහැ. රස්නේ වායුව ශිතල වායුවේ මැදට යනවා. ශිතල වායුව රවුමට වටකර ගන්නවා වගේ වෙනවා. ශිත වායුව ඇතුලට රස්නේ වායුව ගියවිට සුළියක් හැදෙනවා.සුළිය මැද තියෙන්නේ අඩු පිඩන ප්‍රදේශයක්. අඩුපිඩන ප්‍රදේශයට ඕනැම දෙයක් පහල ඉදලා ඇදලා ගන්න පුළුවන්.”යැයිද මහාචාර්වරිය සදහන් කළාය.
COMMENTS