මෙරට ජාතික, සංස්කෘතික හා දේශපාලනික ක‍්‍රියාකාරකම්වල යෙදෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසියම් කණ්ඩායමක් විසින් ත‍්‍රස්තවාදියකු ලෙස නම් කර ඇති...
උන්වහන්සේ මේ බව පැවසුවේ ගලගොඩඅත්තේ හිමියන්ට සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීය.
"විශේෂයෙන් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව විශාල දැනුවත් කිරීමක් සමාජයේ කළා. විශේෂයෙන් සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ ඒ දේ ඇත්ත වුණා. ඉස්ලාම් අන්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව සහ රටට එල්ලවීමට ඇති අනතුරු ගැන උන්වහන්සේ කලින් දැනුවත් කරලා තිබුණා. ඒ සියල්ලම සනාථ වෙලා තිබෙද්දිත් උන්වහන්සේ කියූ සියල්ල සත්‍යයක්ව තියෙද්දිත් පසුගිය රජය උන්වහන්සේ ත‍්‍රස්තවාදියකු ලෙස නම් කළා. ඒ වගේම උන්වහන්සේගේ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් කරලා තියෙනවා. රජයේ මාධ්‍ය අපට ප‍්‍රචාරක කටයුතුවලට ඉඩ දෙන්නේ නැහැ. පෞද්ගලික නාලිකාවලටත් ඒ වගේම ඉඩක් ලැබෙන්නේ නැහැ. අපට අදහස් ප‍්‍රකාශ කරන්න දැනට අපට තිබෙන එකම ස්ථානය තමයි සමාජ මාධ්‍ය. ඒකත් අවහිර කරනවා නම් ඒක අසාධාරණයි." යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
COMMENTS