ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියේ එන්ජිම තුල අද (15) පස්වරු 12.35 ට පමණ හදිසියේම ගින්නක් හටගෙන තිබේ. ...
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියේ එන්ජිම තුල අද (15) පස්වරු 12.35 ට පමණ හදිසියේම ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නත් සමගම බියට පත් මගීන් දුම්රියෙන් සිය ගමන් මළුද රැගෙන බැස ඇති අතර ගින්න හට ගත් අවස්ථාවේදී විදේශිකයින් විශාල ප්‍රමාණයක්ද දුම්රිය තුල සිට ඇත.
දුම්රියේ රියදුරු හා සහායකයා වහාම දුම්රිය ආරක්ෂිත ස්ථානයක නවත්වා සිද්ධිය පිළිබදව දැනුම් දීමෙන් පසු ගිනි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා තිබේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ දුම් රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් බවට විශ්වාස කරයි. කෙසේ වෙතත් ගින්න නිවා දැමීමෙන් පසුව පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී දුම්රිය කන්කසන්තුරේ බලා ගමන් කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS