කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා ප්‍රතිකාර රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පල කරන ලද විරෝධතාවයට යුද හමුද...
හමුදාපතිවරයා සඳහන් කරන්නේ මෙම කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය ජන සමාජයෙන් හදුනා ගත් අය නොවන බවත් ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇති පුද්ගලයන් බවත්ය.
කොළඹ උණ රෝහල ඇතුළු වෙනත් තැනකට මෙම පිරිස ප්‍රතිකාර සඳහා ගෙන ආවොත් ඔවුන් පාලනය කිරීම සඳහා හැකියාවක් නොලැබෙනු ඇති බවත් පැවසූ ඔහු එම රැුදවියන් සදහා වෙන්නම ආරක්ෂාවක් සැපයිය යුතු බවත් කියා සිටියේය.
එවන් විශේෂිත තත්ත්වයන් යටතේ මොවුන් පාලනය කළ යුතු නිසා කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කරමින් ප්‍රතිකාර ආරම්භ කළ බව ඔහු සදහන් කළේය.
කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ප්‍රතිශක්තිය දුර්වල මට්ටමක ඇති මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ප්‍රතිකාර කිරීමේදී කන්දකාඩුහි ශ්වසන ආධාරක යන්ත්‍ර පවා නොමැති බවයි.
මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රබල තර්කයක් වූ කොරෝනා පරක්‍ෂණ වැඩිපුර සිදු කරන්නැයි ඉල්ලීම අභියෝගයට ලක් කරමින් කියා සිටියේ වඩා අවශ්‍ය වන්නේ පරීක්‍ෂණ කිරීමට වඩා නිරෝධායනය කිරීම බවයි.
COMMENTS