ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ...
ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම්භාර නිලධාරීන්ට සිදු වී ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එමෙන්ම එකම කොට්ඨාශයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී තැපැල් ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් සමහර ස්ථානවල තේරීම්භාර නිලධාරීන්ට ෆැක්ස් මඟින් ඒවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බැවින් සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේ දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම්භාර නිලධාරීන්ට සිදුවී ඇති හෙයින් ද ඒ ඒ පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තවත් සැලකිය යුතු වේලාවක් ගත වනු ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය මඟින් දන්වා තිබේ.
තවද පළාත් පාලන ආයතනයක සියලූම කොට්ඨාශවල ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව ද සඳහන් වෙයි.
නිකුත් කළ නිවේදනය මෙසේ ය.
COMMENTS