දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාර්ලිමේන්තුවට යෑමේ රෝගයකින් මම පෙළෙන් නෑ - ධර්මසිරි බණ්ඩාරනායක

මොකක්ද ඔබට ලැබුණ අළුත් තනතුර? අධ්‍යක්ෂ ජෙනරාල් සංස්කෘතික කටයුතු කව්ද ඔබව යෝජනා කළේ? නාධිපතිතුමා. කෙටියෙන් කිව්වොත් මොකක්ද මේ තනතුරේ ක...

පාර්ලිමේන්තුවට යෑමේ රෝගයකින් මම පෙළෙන් නෑ - ධර්මසිරි බණ්ඩාරනායක

මොකක්ද ඔබට ලැබුණ අළුත් තනතුර?
අධ්‍යක්ෂ ජෙනරාල් සංස්කෘතික කටයුතු

කව්ද ඔබව යෝජනා කළේ?
නාධිපතිතුමා.

කෙටියෙන් කිව්වොත් මොකක්ද මේ තනතුරේ කාර්ය භාරය?

මේ තනතුරෙහි තියෙන කටයුතු මේකයි කියලා සකස් කරලා ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට භාර දෙන්න ඕන. දැනට ඒ කටයුතු ජනාධිපති ලේකම්තුමා විසින් කරගෙන යනවා.

ඔබට පෙරාතුව ඒ කියන්නෙ මේ තනතුර තිබුණෙ නැද්ද?

නැහැ! ජනාධිපති උපදේශකවරු වශයෙන් ඉඳලා තියෙනවා. නමුත් මෙහෙම අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක් ඉඳලා නෑ.

ඒ කියන්නෙ මේ තනතුර නිර්මාණය වෙන්නෙ ඔබව සතුටු කරන්නද?

මගේ සතුටක් නෙමෙයි. සංස්කෘතික කටයුතු පිළිබඳව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ඉන්නවා කියන්නෙ කලාකරුවන්ට යම් අමාත්‍යවරයෙක් ඉන්නවා හා සමානව තමාට කිව යුතු යම් දේවල් තියෙනවා නම් යෝජනා කළ යුතු දේවල් තියෙනවා නම් කලාකරුවන්ට ඒවා ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් ඉන්නවා ජනාධිපතිතුමාගෙ කාර්යාලය තුළ

ඒ කියන්නෙ මා හරහා ජනාධිපතිතුමාට යෝජනා කළ යුතු දේවල් තියෙනවා නම් ඒවා කරුණු හැටියට ඉදිරිපත් කරලා ඒවා පිළිබඳව නිගමන වලට ඒම මොනවද කියන එක තාම මාව දැනුවත් කරලා නෑ.

ඒ කියන්නෙ ඔබ ඉන්නෙ ජනාධිපතිතුමාගෙම කාර්යාලයෙ?

ජනාධිපති කාර්යාලයේ කොටසක. ජනාධිපති කාර්යාලයේ තියෙනවා විවිධ ආයතන එතකොට මේකත් පිහිටවලා තියෙන්නෙ චැතැම් ස්ට්‍රීට් එකේ තියෙන ඔෆිස් එකක.

ඔබට මේ වත්මන් ආණ්ඩුව ගැන තිබෙන්නෙ කොයි වගේ විවේචනයක්ද?

වර්තමාන ආණ්ඩුව පිළිබඳව තියෙන විවේචනය මම ආණ්ඩුවේ තනතුරක් දරණ්නෙක් හැටියට මේ සාකච්ඡාව තුළ සිදු කළ යුතු නෑ.

ඇයි ඔබ ඒ ප්‍රශ්නය මඟ අරින්නෙ?

නැහැ අපි පුරවැසි බලය වශයෙන් ඊයේ පෙරේදා අගමැතිතුමා මුණ ගැහුණා එතනදි අපේ හිටියට ජ්‍යෙෂ්ඨයො යම් විවේචනයක් සිද්ද කළා. ඒ වගකීම ඔවුන් ඉටු කළා.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන , පරාක්‍රම නිරිඇල්ල, සුදත් මහදිවුල්වැව සකස් කරපු ප්‍රඥප්තිය ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම ඒ කලාකරුවන් තුන් දෙනා පමණක් නෙමෙයි තවත් කලා කරුවො රාශියක් සාකච්ඡා වාර කීපයක් පැවැත්වීමෙන් අනතුරුව තමයි මේ ප්‍රඥප්තිය සකස් කළේ. ඒ ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම රජයට බල කරලා ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කළ යුතු වෙනවා. මම ඒ ප්‍රඥප්තියේ සියළු කරුණු වලට එකඟ කලාකරුවෙක්.

තනතුර භාර ගත්තට පස්සෙ ඔබ ජනාධිපතිතුමාව කී වාරයක් මුණ ගැහුණද?

තාම මම එකපාරක්වත් මුණ ගැහිලා නෑ. එතුමාට ලිපි වශයෙන් භාර දීලා තිබුණා. රාවය පුවත් පතේ ජයතිලක කම්මැල්වීර ගෙ ලිපියක් තිබුණා, ඒක විවෘත ලිපියක්. පුවත් පතේ පළ වෙලා තිබුණා ධර්මසිරි බණ්ඩාරනායක වෙතටයි කියලා. එතනදි ඒ කලාකරුවා මා කෙරෙහි වූ කිසියම් විස්වාසයකින් කරුණු බොහෝ ගණනාවක් පෙන්වා දී තිබුණා. ඒ පෙන්වලා තිබුණ කරුණු එකකටවත් මං විරුද්ධ නෑ. ඒ කරුණු මම මගේ ලිපියත් සමඟ ජනාධිපතිතුමා වෙත යොමු කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම්තුමාටත් යොමු කරලා තියෙනවා. මේ සඳහන් කරුණූ කෙරේ ඉතා ඉක්මනින් හැකි අයුරින් ක්‍රියා කරනු යනුවෙන් සඳහන් කරලා.

ඔබේ යෝජනාවලියේ හරය කුමක්ද?

ජයතිලක කම්මැල්වීර කලාකරුවා ඉදිරිපත් කරපු කරුණු තමයි රටේ යම් සංස්කෘතික සහජීවනය උදෙසා අවශ්‍යය කරන මූලික කාරණා, විශේෂයෙන් මේ අවුරුදු දෙක තුළ ලොකු අර්බුදයකට ව්‍යාකූලත්වයකට පත් වෙලා තියෙනවා. ඒක සිද්ද වෙන්න ප්‍රධාන හේතුව සංස්කෘතික අමාත්‍යංශය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව. ඒ ඇතුළෙ, ඒ වැඩකටයුතු බෙදා දීලා තියෙන ආකාරයත්. සංස්කෘතික අමාත්‍යවරු දෙදෙනෙක් පත් කර තිබීමත් මේකෙන් මේ ව්‍යාකූලත්වය හටගෙන තියෙනවා.

අනිත් පැත්තෙන් කලා මණ්ඩළය වගේ ආයතන වලට ප්‍රතිපාදන සැපයුම් නතර වෙලා තියෙනවා. ඒවා ගිහින් තියෙනවා වෙන විඳියේ උවමනාවන් සඳහා. දැන් අපි ගත්තොත් සංස්කෘතික අමාත්‍යංශය ඇතුළෙ වයඹ සංවර්ධන අමාත්‍යංශය කියන එකත් පිහිටවලා තියෙනවා. එතකොට මේක වයඹ සංවර්ධනය කියන කාරණය තුළදි අපි විරුද්ධ වෙන්නෙ නෑ. නමුත් කලාව සංස්කෘතික කටයුතු, සංස්කෘතික පුනර්ජීවනයක් ඇති කිරීම වයඹට විතරක් නෙමෙයි අවශ්‍යය වෙන්නෙ.

ඉතිං මේක නිවරදි කරන්න කියලා කලාකරුවෙක් වශයෙන් ජයතිලක කම්මැල්වීර ඉදිරිපත් කළේ තනි මතයක් නෙමේ. ඔහුත් එක්ක අපි මේ පිළිබඳව සාකච්ඡා වට ගණනාවක් තිබුණා. කලාකරුවො එකතු වෙලා විද්වත් කමිටුවක් හැටියට ජනාධිපතිතුමා හමු වෙලා සාකච්ඡා කරමු කියන එක පෙන්වලා තියෙනවා. මේ ගැටළුවට විසඳුමක් ගේන්න නම් එක අමාත්‍යවරයෙක් යටතට මෙය රැගෙන ආ යුතුයි. එතනදි ජනාධිපතිතුමා කිව්වා “මගේ අවධානය ඒ ගැන යොමු වෙලා තියෙනවා“ කියලා. දැන් ඒ අතරතුර මං මේ තනතුර භාර ගත්තට පස්සෙයි මේ ලිපිය පළ වෙලා තිබුණෙ.

එතකොට ජනාධිපතිතුමා යන හැම පිටරට සංචාරයකටම ඔබ සහභාගී වෙන්නෙ ඇයි?

මම ඇමරිකාවට පමණයි එතුමා සමඟ පිටරක සංචාරයකට ගිහින් තිබෙන්නෙ. මට කිව්වා ඇමරිකාවේ යූඑන් එකෙන් කරන ස්පීච් එක වෙලාවෙ කලාකරුවරකු හැටියට මාවත් තෝරගන්න කියලා. තවත් පිරිසක් සමඟ මගේ නමත් යෝජනා වෙලා තිබුණා. ඉතිං මම ඒ සංචාරයට සහභාගී වුණා. එතුමාට ඒකට යන අයගෙ ලැයිස්තුවක් හඳලා දීලා තිබුණා ඒ අයගේ පාස්පෝට් ආදී දේවල් ලබා ගෙන ඒ සංචාරය සිදු කළා.

ඔබට ඒ සංචාරය සඳහා ආරාධනා කළේ ලිඛිතව ද වාචිකවද?

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍යය ලේකම් ධර්ම ශ්‍රී ඒකනායක තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කළේ.

මේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි කිසියම් හෝ ආණ්ඩුවකින් ආරාධනාවක් ආවොත් මන්ත්‍රී ධූරයක් භාර ගන්න කියලා ඔබ මොකද කරන්නෙ?

මම කවදාවත් ඡන්දයකට ඉදිරිපත් වෙන කෙනෙක් නෙමෙයි.

ජාතික ලැයිස්තුවනේ ඔබව පාර්ලිමේන්තු යවන්න හැඳුවොත් ඔබ යනවද?

ඒකත් මට උචිත දෙයක් නෙමෙයි. පාර්ලිමේන්තුවට යෑමේ රෝගයකින් මම පෙළෙන් නෑ.

ඇයි ඔබ ඒක රෝගයක් කියලා කියන්නෙ.?

ඒක රෝගයක්. ඒක දිහා බලන් ඉද්දි ඒ බව පේනවා. මම මගේ ජීවිතය තුළ මම කරපු සියළු කලා කෘති රස වින්ද ඒ ප්‍රේක්ෂකයන්ට ලොකු වගකීමක් තියෙනවා. මම රැකියාවක් හැටියට පවා කරලා තියෙන්නෙ රබර් පාලන දෙපාර්තමේන්තුවේ ලිපිකරු ධූරයයි. රජයේ සේවයේ අවුරුදු දහයක්. ඒක අවුරුදු දහයක ට්‍රේනින් එකක්. ඒක ඉබාගාතේ යන ට්‍රේනින් එකක් නෙමෙයි. ඒ අවස්ථාවේදී මහජනතාව වෙනුවෙන් වැඩ කළා වගේම මෙම තනතුර හරහාත් මහජනතාවට වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

නමුත් මේ තනතුර භාර අරගෙන ජනාධිපති කාර්යාලයේ කොටසක් වෙන් කරගෙන කාර්යාලයක් දා ගත්තම ඔබ ඉන්නෙත් ඒ රෝගය ඇතුළෙම නේද?

නෑ ඒක රෝගයක් කියලා කියන්න බෑ. මට දීලා තියෙන්නෙ සංස්කෘතික කේෂ්ත්‍රය පිළිබඳව. ජනාධිපතිතුමා ශ්‍රිලනිපයේ වැඩ කරන්න නෙමෙයි මාව පදවියට පත් කරලා තියෙන්නෙ. අනිත් එක කිසිඳු ආකාරයකින් මම කලාකරුවො වර්ගීකරණය කරන් නෑ.

ඒ කියන්නෙ මේ තනතුර භාර ගැනීමේ කිසියම් හෝ යටි අරමුණු දේශපාලනය ක් නෑ. ?

යටි අරමුණු නෑ. පහුගිය කාලේ මේ පිළිබඳව උපදේශකයො හිටියා තොග පිටින් .. දැන් ඒ ගණයට මාව අයිති වෙන්නෙ නෑ. මම තනතුර භාර ගත්ත ගමන් මගෙන් ඉල්ලීමක් කළා චිත්‍රපට ප්‍රදර්ශන සංගමය. මොකද ඒ අයට බදු පැනවීමක් කරලා තියෙනවා කියලා ඒ අය මට කතා කළා. අද කතා කළාම මම කිව්වා හෙට උදේ දහයට එන්න කියලා. ඒ අවස්ථාවේදී චිත්‍රපටකරුවෙක් හැටියට ඒ අයගේ වුවමනාවට මං කන් දීලා ජනාධිපතිතුමා දැනුවත් කරලා බඳු සහන පැනවීමෙන් ප්‍රදර්ශකයන්ට ඇති ගැටළු වලට නොපමාව විසඳුම් සෙවිය යුතුයි. ඒක මං දන්නෙ චිත්‍රපටකරුවෙක් වශයෙන්.

ත්‍රිකෝණී නම් වූ ඔබේ ආයතනය මඟින් සිදු කරන්නේ කුමක්ද?

ඒක මං වහන්න තීරණය කළා

ඒ ඇයි?

ඒක පවත්වාගෙන යන්න ආර්ථික ශක්තියක් නෑ

නමුත් ඔබ ‘ට්‍රෝජන් කාන්තාවෝ ‘ පෙන්වමින් ඒකට අරමුදල් එකතු කළා නේද?

පදනමට ගොඩනැගිලි අරමුදලක්. ඒකට ගොඩනැගිල්ලක් හදා ගන්න මං උත්සාහ කරනවා මටම කියලා. මං මාසෙකට රුපියල් 50000 ක් වගේ මුදලක් ගෙවමින් තමයි ස්ථානයක් කුලියට අරන් තියෙන්නෙ. මට ඒ කුළිය ගෙවා ගන්න බෑ. යම් කෙනෙක් උදව් කළොත්, කලාවට හිතවත් අයෙක් ඒකට උදව් කළොත් මං ඒ ගොඩනැගිල්ල හදා ගන්නවා.

අවසාන වශයෙන් මට කියන්න කලාව හා දේශපාලනය සම්බන්ධයෙන් ඔබේ අනාගත සැළසුම් මොනවද?

මං හිතන්නෙ මේ තනතුර මගේ පළවෙනි කාර්ය වෙන කලා කටයුතු වලට බාධාවක් වෙන්නෙ නෑ. ඊළඟට තමයි දෙවැන්න මම රජයේ සේවයෙන් අයින් වුණේ මගේ හංස විලක් චිත්‍රපටය මෑන් හැටන් ජර්මනියේ චිත්‍රපට උළෙලට මට සහභාගී වෙන්න නිවාඩු නොදීම නිසා. ඊට පස්සෙ මම ලංකාවට ආවට පස්සෙ ගාමිණී දිසානායක ඇමතිතුමා මාව අරගත්තා පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ තනතුරකට. ඒ වැඩ කරමින් මගේ තුන්වෙනි යාමය චිත්‍රපටය සීයට සියයේ ණය ආධාරය යටතේ චිත්‍රපට සංස්ථාව තේරුවා. ඊට පස්සෙ මට පහත් බිම් සංවර්ධන මණ්ඩළයේ වැඩ කරනවට වැඩිය ලොකු වගකීමක් සීයට සීයේ ණය ආධාරය යටතේ තුන්වෙනි යාමය චිත්‍රපටය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්න මම ඒ තනතුරෙන් ඉවත් වෙනවා.

ඒ වගේම ආර්ථික වශයෙන් 88-89 අපි වින්ද දුක් කන්දරාවක තියෙනවා. රැකියාවක් නැතුව රට අත ඇරලා යන්න වුණාට පස්සෙ දරුවන් පවා දුක් විදපු කාලයක් ආවා. අපි ආපහු මේ රට හොයාගෙන ආවේ භීෂණ සමය නිමා වුණාට පස්සෙ. එක අවස්ථාවක මට සමාදාන විනිශ්චකාර පදවියක් ලැබෙන්න තිබුණා චන්ද්‍රිකා මැතිණිය බලයේ ඉන්න අවස්ථාවේ. ඒ වෙලාවෙ ප්‍රාදේශීය දේශපාලකයෙක් මට ලියුමක් එව්වා ඔබට මේ තනතුර ලැබිලා තියෙනවා කියලා. හැබැයි ඒ වෙනකොට මට වුවමනා වෙලා තිබ්බෙ ටෙලිෆෝන් එකක්. ටෙලිෆෝන් එකක් වෙනුවට මට සමාදාන විනිශ්චකාර පදවියක් අවශ්‍යය නෑ. මම ඒ ලියුමෙම අනිත් පැත්තෙ ලියලා යැව්වා කරුණාකරලා මට දුරකථනයක් දෙන්න. අපේ ප්‍රදේශයේ සේවය කරපු ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා ඒ අයගෙන් කෙනෙක්ට මේ තනතුර දෙන්න කියලා.

සටහන හා සාකච්ඡාව

බාසුරු ජයවර්ධන

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවට යෑමේ රෝගයකින් මම පෙළෙන් නෑ - ධර්මසිරි බණ්ඩාරනායක
පාර්ලිමේන්තුවට යෑමේ රෝගයකින් මම පෙළෙන් නෑ - ධර්මසිරි බණ්ඩාරනායක
http://ift.tt/2uUfJb3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_361.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_361.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy