ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. අ...
ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.
අලුතින් අගමැතිවරයෙකු පත්කර මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයි දේශපාලන ආරංච් මාර්ග කියයි.
ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ .
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.
COMMENTS