දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලිමාව පැරදෙන සභාවලට ආණ්ඩුවෙන් සල්ලි නෑ..- මාලිමාවෙන් රට පුරා ලිපි බෙදති!
Homeප්‍රවෘත්ති

මාලිමාව පැරදෙන සභාවලට ආණ්ඩුවෙන් සල්ලි නෑ..- මාලිමාවෙන් රට පුරා ලිපි බෙදති!

PropellerAds

පලාත් පාලන අරමුදල් පිළිබඳ ජාතික ජන බලවේගය විසින් බෙදා හැර ඇති අත් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී ...

ලංකාවේ ආර්ථිකය හිටි හැටියේ නතර වේවි! හිරෝෂිමා නාගසාකි ප‍්‍රහාරය ඉක්මවු හානියක් ඉදිරියේ! (VIDEO)
මට මේකේ අභියෝගයක් නෑ...දවසින් පාස්පෝර්ට් දෙනවා... BOI ව්‍යාපෘතිවලට දවසින් අවසර දෙනවා - අමත්‍යධූරයේ වැඩ පෙන්නන හැටි ඇමති ධම්මික කියයි (VIDEO)
සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ... 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ... කරතොත් කරපං හරියට... බැරිනම් පලයං අහකට! - මුරුත්තෙට්ටුවේ හිමි යළි කරළියට!
පලාත් පාලන අරමුදල් පිළිබඳ ජාතික ජන බලවේගය විසින් බෙදා හැර ඇති අත් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් මැතිවරණ කොමිසම, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි වෙත පැමිනිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල මෙසේය.

ලේකම් /මැ.කො.ස., මගින් සභාපති සහ කොමිෂන් සභා සාමාජිකයින් වෙත,
සහ ජාතික මැතිවරණ පැමිණිලි ඒකකය/මාතලේ මැතිවරණ පැමිණිලි ඒකකය.

මාතලේ බෙදාහැර ඇති ජාජබ අත් පත්‍රිකාව සම්බන්ධයෙන් පැමිණිල්ලයි.

මේ සමඟ අමුණා ඇති අත් පත්‍රිකාව මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ රැසක බෙදාහැර ඇත.

එහි මෙසේ දැක්වේ. ‘ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සදභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම රජය අතර පවතින සම්බන්දථාවය බිඳවැටී නිසි ආකාරයෙන් ප්‍රතිඑල ලබාගත හැකිද?’

ගරු ජනාධිපතිතුමා ද පලාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක මෙයට සමාන අදහසක් ඇති ප්‍රකාශයක් සිදු කර තිබුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයකට අය වැය මගින් මුදල් වෙන්කර නැත. නමුත් පලාත් පාලන ආයතනයන් හි මුදල් මධ්‍ය රජය විසින් රැස් කරනු ලබයි.

පනත මගින් පලාත් පාලන ආයතන වෙත හිමිවන මුදල් පිළිබඳ ප්‍රතිපාදන නීතිගත කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය මගින් ද පළාත් පාලන අරමුදල් පිළිබඳ නිරවුල් ලෙස දක්වා ඇත.

මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛණය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛණය , ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවන උපලේඛණවල නීතිගත කර ඇති අරමුදල්/බදු/මුද්දර ගාස්තු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක් විධායකයකට හෝ වෙනත් පාර්ශවයකට නැත.

මෙය ඡන්දදායකයාගේ ඡන්ද අයිතියට ලැජ්ජා සහගත ලෙස බලපෑම් කිරීමකි. තම දේශපාලන පකෂය හැර වෙනත් කණ්ඩායමකට පලාත් පාලන ආයතනයක් පවත්වාගැනීමට හෝ නොදී මුදල් අවහිර කිරීම ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියවක් නොවේ.

මුද්‍රණකරුගේ සහ ප්‍රකාශකයාගේ (මුද්‍රණාලය) නම, ලිපිනය නොමැතිව අත් පත්‍රිකා බෙදාහැරීම ද මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි. එය 1885 අංක 1 දරණ මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයින් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමකි.

උක්ත කරුණ සම්බන්ධයෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් ඊයේ නිකුත් කළ නිවේදනය දැක මා පුදුමයටත්, කළකිරීමටත් පත් වුණෙමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත පවතින වගකීම මාතලේ දිස්ත්‍රික්කය තුල තවදුරටත් පැහැර නොහරිනු ඇතැයි මම අපේකෂා කරමි.

ඉහත නොමග යවන සුළු අත් පත්‍රිකාව මාතලේ දිස්ත්‍රික්කය බෙදාහැරීම වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස කාරුණිකව ඉල්ලමි. මෙම අත් පත්‍රිකා මේ වන විට මාතලේ ජවිපෙ ප්‍රධාන කාර්යාලය, ජාජාබ ආසන කාර්යාල, ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් පිහිටුවා ඇති කාර්යාලවල ත්, අපේකෂකයින්ගේ සහ ඔවුන්ගේ ගෙන් ගෙට යන ආධාරකරුවන්ගේ සන්තකයේත් පවතින බව පැමිණිලි කරමි.

මෙයට විශ්වාසී,

රෝහිණී කවිරත්න
සජබ/මාතලේ දිස්ත්‍රික් නායක
ලග්ගල ආසනයේ බලයලත් නියෝජිත



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29402,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිමාව පැරදෙන සභාවලට ආණ්ඩුවෙන් සල්ලි නෑ..- මාලිමාවෙන් රට පුරා ලිපි බෙදති!
මාලිමාව පැරදෙන සභාවලට ආණ්ඩුවෙන් සල්ලි නෑ..- මාලිමාවෙන් රට පුරා ලිපි බෙදති!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY-kY6FcdDUMIkErbSI8GOjSn5eluT7dbMONCIOg3c6cBR1ppRLzsnPkVI3VOr8QnwoELRUoPumRMMC06k3n0v9bJbmtiR4hJ1Fb7Y-XUlCqNh4tCnbLeIPjPxqO9HpNjUDDt9gSfFSBmVqrDJATgq2en5fGMq8U76FDNMTuW75QnSqsAteyE4DnKfUQWT/s320/gama-apitayi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY-kY6FcdDUMIkErbSI8GOjSn5eluT7dbMONCIOg3c6cBR1ppRLzsnPkVI3VOr8QnwoELRUoPumRMMC06k3n0v9bJbmtiR4hJ1Fb7Y-XUlCqNh4tCnbLeIPjPxqO9HpNjUDDt9gSfFSBmVqrDJATgq2en5fGMq8U76FDNMTuW75QnSqsAteyE4DnKfUQWT/s72-c/gama-apitayi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy