එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂලා ආරක්ෂා නොකරන බවත් රාජපක්ෂලාට එක නීතියකුත් අනිත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික...
එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂලා ආරක්ෂා නොකරන බවත් රාජපක්ෂලාට එක නීතියකුත් අනිත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමාන බව පෙන්වා දෙන අගමැති වික්‍රමසිංහ මහතා රාජපක්ෂලාට එරෙහිව ඇති චෝදනා මෙන්ම අනෙක් අයට එරෙහිව ඇති චෝදනාවලටත් නීතිය එක සමානව ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් තම පක්ෂයේ අයටත් සෙසු පක්ෂවල අයටත් නීතිය වෙන් වෙන් ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන බව ද කීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අම්පාරේ ඊයේ (1) පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක වෙමිනි.
රාජපක්ෂලා කිහිප දෙනෙක්ම දැන් නීතිය ඉදිරියට ගෙන ගොස් නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් ඒ ආකාරයටම තම පක්ෂයේ අයට එරෙහිව ඉදිරිපත් වන චෝදනා ගැනද නීතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා කීය. සියලුදේම සිදු කරන්නේ නීතියට යටත්ව බව ද අගමැතිවරයා අවධාරණය කළේය.
COMMENTS