දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් වෙයි.
Homeගොසිප්

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් වෙයි.

PropellerAds

යාපනය කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය සුපිරි හෝටලයක් බවට පත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මන්දිරය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍ය...

තරුණයන්ට තැන දෙන්න සිංගප්පූරුව ඇමති මණ්ඩල සංශෝධනයකට.
රැඩිකල් වෙනස කැබිනට් සංශෝධනයෙන් 'චකබ්ලාස්' වුනේ මෙහෙමයි.
රනිල්ට එරෙහිව රහස් සාකච්ඡා : සාකච්ඡාව රනිල්ට ලීක් වෙයි.

යාපනය කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය සුපිරි හෝටලයක් බවට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මන්දිරය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම ඉදිරි සති කිහිපය තුළදී සිදුකිරීමට නියමිතය.

යාපනය කන්කසන්තුරේහි ඉදිවන මෙම ජනාධිපති මන්දිරය සඳහා මේවනවිට රුපියල් කෝටි තුන්සිය පනහක මුදලක් වියදම් වී ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එබැවින් මෙය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට යොමුවන බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේ පුවත්පත් මාධ්‍යවේදීන් සමග සිදුකළ සාකච්ඡාවේදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“යාපනයේ ජනාධිපති මාළිගාව රුපියල් කෝටි තුන්සිය පනහක් වෙනවා. මම එය හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකට යනවා. ජනාධිපතිගේ වියදම්වලින් 90෴ක් මම අඩුකර තිබෙනවා. කාර්යමණ්ඩල, හෙලිකොප්ටර් ගමන්, සම්බන්ධීකරණ ලේකම්වරුන් ආදියත් මම අඩුකර තිබෙනවා* යැයි පැවසීය.

යාපනය ජනාධිපති මන්දිරය පසුගිය ආණ්ඩු සමයේදී ඉදිකිරීම් ආරම්භ වූවකි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාපවසා තිබුණේ   කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවැති බවයි.

1980දී කොටි ත්‍රස්තයන් විනාශ කරනතුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්, මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත්, නාවික හමුදාව එහි ඉදිකිරීම් භාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා වරෙක පවසා තිබිණි.

කන්කසන්තුරෙයිහි සහ ආරුගම්බේහි ඉදිවෙමින් පැවැති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත්, ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවලට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඒවා ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් වෙයි.
යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8-K0UDEhFhzaQh4NuEEOv2oq2GViRNT1UXrSoSWHnX0J00INT2Qt3vUN5Azoa0YyKEiPvz_E0U9VZ0VXIW3h2yAUeVAMK6WjwnO4QUiknFyhQdHoowc06khW4BPW4rAQBoOyTgtJZrR5V/s1600/02110.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8-K0UDEhFhzaQh4NuEEOv2oq2GViRNT1UXrSoSWHnX0J00INT2Qt3vUN5Azoa0YyKEiPvz_E0U9VZ0VXIW3h2yAUeVAMK6WjwnO4QUiknFyhQdHoowc06khW4BPW4rAQBoOyTgtJZrR5V/s72-c/02110.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy