දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මැතිවරණය කල් දැමීමේ සූදානමක් නෑ" - මහින්ද දේශප්‍රිය
Homeප්‍රවෘත්ති

"මැතිවරණය කල් දැමීමේ සූදානමක් නෑ" - මහින්ද දේශප්‍රිය

PropellerAds

මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැති බවත්  මැතිවරණ කොමිසමේ...

අසාද් සාලි ත‍්‍රස්තවාදියෙක්.. මුස්ලිම් තරුණයන් සන්නද්ද කලේ ඔහුයි.. ගම්මන්පිල සාක්‍ෂි සහිතව ඔප්පු කරයි..- පිලිතුරු නැතිව හිරු බලයේ සාලි හාන්සියි - (video)
සහරාන්ගේ ලැප්එකේ මෙරට IS ත්‍රස්තයන් 60කගේ නම් ?
ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි !

මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැති බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා ඒ බව කියා සිටියේය.

මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර කොමිසන් වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වුවහොත් එය මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා කියා සිටියහ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ජනාධිපති නිතිඥ හිටපු නිති සම්පාදක නිලන් අබේසේකර මහතා සහ තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතාව ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන බව කී සභාපතිවරයා ලබන පළමු වනදා සහ දෙවන දා දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට තින්දු කර ගෙන ඇති බවද කියා සිටියේය.

බැදුම්කර විවාදය හෝ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ විවාදය හෝ පැවැත්වීම කොමිසමට අදාළ නැති බවත් එහෙත් පෙබරාවාරි 08 සහ 09 වන දා නිහඩ කාලසීමාවකට එම විවාදය වැටීම බාධාවක් වී ඇති බව ද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

එහිදි අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද පැවැසීය.

“මේ ඡන්ද විමසීම දිනක් හෝ කල්දැමීමට කොමිසම කැමැති නැහැ.ඡන්ද විමසීම කල් දාන්න කියා කිසිවකුත් මගෙන් ඉල්ලීමක් සිදු කර නැහැ. නිහඩ කාලයේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුවහොත් එම විවාදය මාධ්‍යයෙන් පළ කරන්න එපා කියා මාධ්‍යයට නිති දාන්නත් කොමිසමට බැහැ. මැතිවරණයක නිහඩ කාලයක් ලබා දී තිබෙන්නේ මහජනතාවට නිහඩව තීන්දු තීරණ ගන්නටයි. මගෙන් ඊයේ ‍පෙරවරුවේ සිට බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කරනවා. පාර්ලිමේන්තුවට නියෝග දෙන්න කොමිසමට බලයක් නැහැ. කොමිසන් සභාවේ සාමාජිකයන් තිදෙනා එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය හූල් මහතා මේ දිනවල විදසේ ගත වී සිටින නිසා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගැනිමට අපි බලාපො‍රොත්තු වෙනවා. කිසිම කොම්ෂන් සභාවක් මෙවැනි ගැටලුවකට මුහුණ දීලා නැහැ. 08 වන දා බැදුම්කර විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම පිළිතුරු දිය යුතු නැහැ. එහෙත් කොමිසම කැමතියි මෙය 08 වන දාට ප්‍රථම සාකච්ඡා කරනවානම්.”

“ස්වභාවික ආපදාවකදී හැර මැතිවරණය කල් දැමීමට බැහැ. ස්වභාවික ආපදාවක් ඇති නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ කල් දමන්නේ නම් සති තුනකට එහා කාලයකට මැතිවරණය කල් දැමිය යුතුයි. එසේ කල් දැමුවහොත් මැතිවරණ අපේක්ෂකයන් ඔවුන්ගේ ආධාකරුවන් විශාල අසීරුතා වලට පත් වෙනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ කාලයක් බලා සිටියා. මේක හරියට මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ අවස්ථාවක්. 2013 මාර්තු මාසයේ සිට වසර පහක් මැතිවරණය පැවැත්වීමට ප්‍රමාද වුණා. මඩකලපුවේ පළාත් පාලන මැතිවරණය පවත්වා තිබෙන්නේ 2013 මාර්තු මාසයේදීයි .ඉන් පසුව පළාත් පාලන මැතිවරණ පවත්වා නැහැ. පුදුකුඩුඉරුප්පු මෙරිටයිම්පත්තු වල මැතිවරණය පවත්වා තිබෙන්නේ 1969,1970 දීයි. ස්වාධීන කණ්ඩායම් වල ලැයිස්තු වලින් මැතිවරණයට ඉදිරිපත් වන අය වෙනුවට වෙනත් අය පත් කරනවාද යන්න විමසන ප්‍රශ්න වලට මා මැතිවරණ කොම්සමේ සභාපතිවරයා ලෙස පිළිතුරු දුන්නොත් එක් පාර්ශ්වයකට අගතියක් වේවි. තවත් පාර්ශ්වයකට ප්‍රවර්ධනයක් සිදු වේවි. ඒ නිසා‍ හොඳම දේ මැතිවරණ පනත පරිශීලනය කරන්න කියන එකයි.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මැතිවරණය කල් දැමීමේ සූදානමක් නෑ" - මහින්ද දේශප්‍රිය
"මැතිවරණය කල් දැමීමේ සූදානමක් නෑ" - මහින්ද දේශප්‍රිය
http://am.lk/media/k2/items/cache/524fa814e66c0f5310f6aeb17c41e7b2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_615.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_615.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy