අයි එස් ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයින්ගේ හා එම ත්‍රස්ත ජාලය සමග සම්බන්ධතා පවත්වන ලද අට දෙනකුගේ නම් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබේ. ...
අයි එස් ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයින්ගේ හා එම ත්‍රස්ත ජාලය සමග සම්බන්ධතා පවත්වන ලද අට දෙනකුගේ නම් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබේ.
මේ නම් සොයාගෙන ඇත්තේ සහ්රාන්ගේ නුවරඑළියේ බ්ලැක්පූල් හි පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ තිබී සොයාගන්නා ලද පරිගණකය පරීක්ෂා කිරීමෙන් පසුවය.
එම පරිගණකයේ ඇති අයි එස් ත්‍රස්ත සාමාජික ලයිස්තුව මෙරට ක්‍රියාත්මක අයි එස් ත්‍රස්තයන්ගේ නාමලේඛනය විය හැකි බව පොලිසිය විශ්වාස කෙරේ.
එම ලේඛනයට අනුව ඊයෙ අයි එස් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන ලද බිබිල ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 4 වැනිදා ද බිබිලි ප්‍රදේශයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ නම ද අදාල ලේඛන ඇතැයි වාර්තා වේ.
එසේ අත්අඩංගුවට ගත් අය කාත්තන්කුඩියේ පදිංචි කාසීම් මොහොමඩ් මොහොමඩ් උවයිස් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු බිබිල ප්‍රාදේශීය සභාව අසන්නයේ වෙළෙඳ සලක් පවත්වාගෙන ගොස් ඇති බව ද හෙළිව තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අයිඑස් ත්‍රස්ත නායකයාගේ රුව ඇතුලත් අත් පත්‍රිකා 29ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබිණි.
ඊයේ අත්අඩංගුවට පත් සැකකරු ද කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මොහොමඩ් හනීෆා මොහොමඩ් රිස්වාන් ලෙස හඳුනාගෙන තිබේ .
පොලිසිය සඳහන් කළේ සැකකරු බිබිල ප්‍රදේශයේ රත්රන් බඩු වෙළඳ සලක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
මෙම සැකකරුවන් දෙදෙනාම සහ්රාන් හෂීම්ට අයත් බව කියන හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ ඇති කඳවුරක නේවාසිකව පුහුණුව ලබාගෙන ඇති බව පැවසේ.
එකවර හැට දෙනෙකුට පුහුණුව ලබාගත හැකි යැයි සැලකෙන අදාළ කඳවුරේ ඔවුන් සමග 35ත් - 40ත් අතර පිරිසක් පුහුණුව ලබාගත් බවද එම සැකකරුවන් ගෙන් කෙනෙකු හෙළිකර තිබේ.
සහ්රාන් සමඟ ඔවුන්ට දේශන පැවැත්වීමට තවත් සිව්දෙනෙකු පැමිණි බවත් ඉන් එක් අයෙකු මවුලවිවරයෙකු බවත් මේ වන විට හෙළි කර ගැනීමට හැකිව තිබේ.

COMMENTS