දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ජනපති - අගමැති බේරාගත යුතුයි“ - රාජිතගෙන් නව සටනක්
Homeප්‍රවෘත්ති

“ජනපති - අගමැති බේරාගත යුතුයි“ - රාජිතගෙන් නව සටනක්

PropellerAds

යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා රජය ආරක්ෂා කර ගත යුතු බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශී...

සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාර යැවු සිසුවා යළි රිමාන්ඩ්
රටේ ප්‍රශ්නවලට හේතුව ගෝඨා කියයි
"මහනුවර සිද්ධිය ෆේස්බුක් කල්ලියක් සිදු කළ වැඩක්" - තලතා
“ජනපති - අගමැති බේරාගත යුතුයි“ - රාජිතගෙන් නව සටනක්

යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා රජය ආරක්ෂා කර ගත යුතු බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් රජයට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර වලට එරෙහිව කණ්ඩායමක් ලෙස එකතු වී වැඩ කළ යුතු බවත් පෙන්වා දෙන ඇමැතිවරයා දෛනිකව රජයේ වැඩපිළිවෙල සහ පසුගිය රජයේ වැඩපිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු බවත් ඒ සදහා මැදිහත්වන ලෙස මම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා,

“පසුගිය රජය සමයේ සිදු කළ වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඩුබායි බැංකු ගිණුම්වල පවතින මුදල් පිළිබදව සියලු තොරතුරු සොයාගෙන තිබෙනවා. එක් ගිණුමක ඩෙලර් මිලියන 1086 ක් තිබෙනවා. තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, හිටපු මන්ත්‍රිවරයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500 ක් තැන්පත් කර තිබෙනවා. රණවිරුවෙකු බව ප්‍රකාශ කළ රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුවෙන් සොරකම් කළ මුදල මීට වඩා වැඩියි. එය සුපිරි ගැහිල්ලක්. එහි මුදල් හොංකොං බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙනවා. මෙම මිග් යානා ගනුදෙනුවට අදාල නිවැරදි ගිවිසුම සහ හොර ගිවිසුම ලැබී තිබෙනවා. මෙම ගණුදෙනුවේ තොරතුරු හෙළි කරපු නිසා තමයි ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍ය වේදීන් ඝාතනය කෙරුනේ. මම පසුගිය මැයි දිනයේ දී ප්‍රකාශ කළා මෙම දුෂිතයින් අධිකරණ හමුවට ගෙනඑන බව. මෙම දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරීක්ෂණ ප්‍රමාදවීම නිසා තමයි බැදුම්කරයක් පිළිබද ඔවුන්ට කථා කරන්න පුලුවන් උනේ. රණවිරුවන් මිනීමරුවන් වුයේ කොහොම ද,“

“බැදුම්කර ගණුදෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට ද චෝදනා එල්ල වුනා. නමුත් එම කොමිසන් සභාවෙන් අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මිස්ටර් ක්ලීන් නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ. මෙම සිද්ධිය පිළිබදව පාර්ලිමේන්තුවේ දීත් කථා කරනවා. වත්මන් රජයට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර වලට එරෙහිව කණ්ඩායමක් ලෙස එකතු වී අපි වැඩ කළ යුතුයි. දෛනිකව රජයේ වැඩපිළිවෙල සහ පසුගිය රජයේ වැඩපිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ සදහා මැදිහත්වන ලෙස මම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා රජය ආරක්ෂා කර ගත යුතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතුයි.” යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ජනපති - අගමැති බේරාගත යුතුයි“ - රාජිතගෙන් නව සටනක්
“ජනපති - අගමැති බේරාගත යුතුයි“ - රාජිතගෙන් නව සටනක්
http://ift.tt/2AJqqMM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_588.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_588.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy