රටේ ප්‍රශ්නවලට හේතුව අපේ නායකයෝ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ගැන එතරම් ඇහුම්කන් දීමක් නොමැතිව අද රට පාලනය වෙන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ග...
රටේ ප්‍රශ්නවලට හේතුව අපේ නායකයෝ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ගැන එතරම් ඇහුම්කන් දීමක් නොමැතිව අද රට පාලනය වෙන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඊයේ (11) කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද මේ රටේ පවතින ප්‍රශ්න දිහා බැලුවම මම හිතන්නේ ප්‍රශ්නවලට මූලික හේතුව වෙලා තියෙන්න අපේ නායකයෝ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ගැන එතරම් ඇහුම්කන් දීමක් නොමැතිව අද රට පාලනය වෙන නිසා කියලයි මට හිතෙන්නේ. මම මෙවැනි ප්‍රශ්න තියෙන අවස්ථාවලදී ආරක්ෂා අමාත්‍යංශයට වැඩම කරවලා විවිධ ආගමික නායකයින් එම සාකච්ජා වලට කැඳවලා, අපි ප්‍රධාන ස්වාමීන් වහන්සේලාගේ අදහස් හුවමාරු කරගෙන එදා අපි ක්‍රියා කළා.”
“අද අවාසනාවට වගේ මෙවැනි උත්සවයකදී වුණත් ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙනවා මෙම අනුශාසන ඔයිට වඩා වෙනත් රාජ්‍ය නොවන ආයතන විශේෂයෙන් NGO කියලා කියන ආයතනවල උපදෙස් මූලික කරගෙන අපේ රටේ ආගම, සංස්කෘතිය, ස්වෛරීභාවය මේවායේ තිබෙන වැදගත්කම අමතක කරලා ක්‍රියා කරන යුගයක්. ඒ නිසා තමයි අද අප සමාජයේ විවිධ කොටස් අතර නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. අපි ව්‍යවස්ථාවේ සඳහන් කරනවා බුද්ධාගමට මූලික තැන දෙනවා, නමුත් එය ව්‍යවස්ථාවේ වාක්‍යයක් පමණක් විදියට කල්පනා කරලා වැඩක් නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS