මහනුවරදී පසුගියදා ඇති වු සිද්ධිය ෆේස් බුක් කල්ලියක් විසින් සිදු කරන ලද විනාශයක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පවසයි. ඒ බල...
මහනුවරදී පසුගියදා ඇති වු සිද්ධිය ෆේස් බුක් කල්ලියක් විසින් සිදු කරන ලද විනාශයක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පවසයි.
ඒ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රිඩා සංගම් සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම වෙනුවෙන් පැවති උත්සවයකට ඊයේ (11) එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරිය මෙසේ අදහස් දැක්විය.
“මහනුවර ඇති වු සිද්ධිය ෆේස් බුක් කල්ලියක් විසින් ක්‍රියාත්මක වෙලා කරපු විනාශයක්. සමහර විට එහෙම කිවුවාම ඔබ එය පිළි නොගෙන ඉන්නත් පුළුවන්.නමුත් සත්‍යය එයයි. පසුගිය දවස් කිහිපයේ නුවර ගිනි ගත්තා .ඒ නිසාම මේ නගර පිළිබදවත් අපි භීතියෙන් හිටියේ. හැබැයි මේ ගම්වල නගරවල සිංහල මුස්ලිම් ජනතාව දශක ගණනාවක් තිස්සේ හොදින් ජීවත් වුණා. කුරුවිට සිද්ධියක් වුණා. මවුලවිතුමා ඉන්නා කාමරයට පෙට්රල් බෝම්බයක් ගැහුවා. අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලීසිය හරියාකාරව ක්‍රියාත්මක වුණ නිසා කුරුවිට පොලිස් ස්ථානාධිපතිතුමාගේ ක්‍රියාකාරිත්වය නිසා හරියටම ඒක හොයා ගන්න පුළුවන් වුණා. ඒ සිද්ධියේ අත් අඩංගුවට ගත් පළමු චුදිතයාගේ වයස අවුරුදු 18 යි. නුවරින් පටන් ගත්ත මේ ෆේස් බුක් කල්ලිය මුළු රටේම ව්‍යාප්ත කරලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන්. පැවැත්ම වෙනුවෙන්. අපි අවුරුදු 30 ක් මේ අනවශ්‍ය ජාතිවාදය නිසා දුක් වින්ද ජාතියක්. 1979 ඉදලා 2009 වෙනකල් කොළඹ ගිය මනුෂ්‍යයා එනකල් අපි දන්නේ නැහැ.”
“අපිට බෝම්බ ගැන බියක් තිබුණා. අපි සමහර වෙලාවට යාපනය ගැන කථා කළේ වෙනත් පළාතක් විදිහට. රජයේ සේවකයින් බැදිලා ඉන්නවා මේ රටේ ඕනම තැනක සේවය කරන්න. හැබැයි එදා ඒ ප්‍රදේශවලට මාරු කලාට ඒ අයට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බයක් තිබුණා අවුරුදු 30 ක් තිබුණු මේ අනවශ්‍ය ජාතිවාදය නිසා ආබාධිත වුණු අංගවිකල වුණු හමුදාවේ සිය ගණනක් දහස් ගණනක් සහෝදර සහෝදරියෝ අපි අතර ඉන්නවා. දෙමව්පියෝ නැති වෙච්ච අය කී දෙනෙක් ඉන්නවාද? සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පටන් ගත්තාම කී දෙනෙක්ගේ ලෙයින් මේ මහ පොළොව තෙත් වුණා ද? ඒ වගේ කාලයකට ආපසු යන්න අපි සුදානම් නැහැ. අපි ඕනෑම කැපවීමක් කරලා මේ රටේ යළි එවැනි තත්වයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා විතරක් මතක තියා ගන්න. මේ ජාතින් අතර සමගියේ නායකත්වය ජනතාව ගත යුතුයි. මේ නගරයේ ජීවත් වෙන කොට මේක අරයගේ කඩේ මේක මෙයාගේ කඩේ මේක වද බෙහෙත් කඩේ එහෙම කියලා නැහැ අපි ඔක්කෝම එකයි. පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිද්ධියක් වුණා. වද පෙත්තක් පිළිබදව සමාජයේ කථාබහට ලක් වුණා. ඒ පෙත්ත පිලිබදව රස පරීක්ෂක වාර්තාව මේ වන විට ලබා දී තිබෙනවා. ඒ වාර්තාව අධිකරණයට ලබා දෙනවා .ඒ වාර්තාව පිළිබදව ඔබට පුදුම හිතෙයි. මේ පෙත්තකින් ද මේ වගේ විනාශයක් වුණේ කියලා.” යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS