ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දින 10ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(12) අවසන් කෙරිණි. රාජකාරී වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි සලකු...
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දින 10ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(12) අවසන් කෙරිණි.
රාජකාරී වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ නීතිය ඉවත්කර ගැනීමට රෝහල් පාලනාධිකාරිය එකඟතාවය පළ කිරීම නිසා වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී මැදිවත්ත පැවසීය.
වෘත්තීය සමිති නායකයින් හා පාලනාධිකාරිය පැවැත්වූ සාකච්ඡාවකින් පසු එම තීරණයට පැමිණි බවද ඔහු කීය.
ඒ අනුව ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ අද පස්වරු 4 පමණ සිට යළි සිය රාජකාරියේ නිරතවූ බව ඔහු කියා සිටියේය.
COMMENTS