ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව අතර එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ...
ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව අතර එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පිරිසක් උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම, හම්බන්තොට තෙල් පහසුකම් හා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණය කිරීමට අදාළ යෝජනා ඇතුළත් ලියවිල්ල මහනාහිමිවරුන් වෙත ලබා දීම සඳහා එම නියෝජිතයින් පිරිස පෙරේදා (27) මල්වතු හා අස්ගිරි මහා විහාර වෙත පැමිණියහ.
එහිදී ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ.රාජකරුණා මහතා මෙසේ අදහස් දැක්වීය.
“ඔය පසුගිය දවස්වල පෙට්‍රල් අර්බුධය අනිවාර්යයෙන්ම ඕක ඉස්සරහට ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද අපිට සංචිත තියාගන්න තරම් ගබඩා පහසුකම් නැහැ. දවස් 15ක් ඇතුළත නැවක් ආවේ නැත්තං තෙල් නැතිවෙනවා රටේ. ඕක දැන් හෙට ඩීසල් වලටත් වෙන්න පුළුවන්. ගුවන්යානා ඉන්ධනවලට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි අපි කිව්වේ අර තියෙන ටැංකි 99 තෙල් සංස්ථාවට දෙන්න කියලා. තෙල් සංස්ථාවට ඒක දෙනවා නම් අපිට අවුරුද්දකට නිකම්ම ඉතුරු වෙනවා මිලියන 1500ක්.”
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් මෙසේ පැවසීය.
“අපේ රටේ අර්බුධකාරී තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන ස්වරූපයකුත් තියෙනවා. තෙල් අර්බුධයක් කියන්නේ ඒක දැවැන්ත ගැටළුවක් අර්බුධයක් බවට පත් වුණ බව පසුගිය කාලයේ සිදුවීම්වලින් අපිට පැහැදිලි වෙලා පේනවා. ඔය පමණට වැඩි විදේශකරණය, අපේ සම්පත් විකිණීම මේ වගේ දේවල්වලට එදත් අපේ රටේ සංඝරත්නය විරුද්ධ වුණා. අදත් ඒ අදහස්ම තියෙනවා.”
අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි මෙසේ අදහස් දැක්වීය.
“මේ දේවල් මේ රටේ මහජනතාව දැනගෙන හිටියේ නැහැ ආණ්ඩුව ඇතුළෙත් මේවා සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැනේ. මේක තමයි ඉතින් රටේ තියෙන ලොකුම අර්බුදය. අපේ රටේ සම්පත්, අපේ රටට විදේශ විනිමය ඉතිරි කර ගන්න පුළුවන් අවස්ථාවන් හිතාමතා මඟඅරිනවා නම් ඒක ලොකු අර්බුදයක්නේ. ඇත්තටම අනාගතයේ හරි මේ රටේ මහජනතාව මේක අවබෝධ කර ගත්තොත් දේශීය සම්පත් රැක ගන්න ඕන කෙනෙක් බලයට පත් කර ගන්න ඕනෙ කියලාවත් හිතයිනේ අඩුගානේ. ඒ කියන්නේ මේ වෙලාවේ අහන්නේ නැත්තං ඉදිරියේදී හරි.”
COMMENTS