මෙරට බෞද්ධ වෙහෙර විහාරස්ථාන 12000ක් සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ක්‍රියාවට නංවා ඇති ‘සසුනෝදය’ ජාතික ව...
මෙරට බෞද්ධ වෙහෙර විහාරස්ථාන 12000ක් සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ක්‍රියාවට නංවා ඇති ‘සසුනෝදය’ ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (28) මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලයේ දී පැවැත් වුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.
පින් බිම් 12000ක් යලි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන යටතේ විහාරස්ථාන 1000ක් ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණයට අදාළ චෙක්පත් ප්‍රදානය එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිතයි.
මෙම සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදීමේ දී එය රජයට කිසිදු බරක් නොවන අයුරින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකරනු ලබන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සංචාරක ස්ථාන වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් වෙත නිකුත් කරන ප්‍රවේශපත්‍ර හරහා ලැබෙන ආදායම යොදා ගනිමින් මෙය සිදු කරන බවත් පැවසීය.
ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නායකත්වය මත සිදු කෙරෙන මෙම විහාර සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 425 කි.
රටේ සියලු පළාත් නියෝජනය වන පරිදි වෙහෙර විහාරස්ථාන තෝරා ගැනීම විධිමත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලද බවත් මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති හෙයින් ඉතා ක්‍රමවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව මෙම කටයුත්ත ක්‍රියාවට නැංවීමට හැකිවී ඇති බවත් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
COMMENTS