පළාත් පාලන ජන්ද විමසීමට අදාළව තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයන්ගේ නාම ලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී අද (0...
පළාත් පාලන ජන්ද විමසීමට අදාළව තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයන්ගේ නාම ලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී අද (08) සහතික කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ පන් ලක්ෂ 60,536 දෙනෙකු තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.
තැපැල් ජන්ද පත්‍රිකා තැපෑලට භාර දීම 11 වනදා සිදු කිරීමට නියමිතය.
එමෙන්ම මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ජන්ද සලකුණු කිරීම මේ මස 22 වනදා සිදු කරන අතර අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපෑලෙන් ජන්දය සලකුණු කිරීම මේ මස 25 සහ 26 දින ලබා දී ඇත.
මේ අතර බඳවා ගැනීමේ පටිපාටියේ ඇති ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනිද්දා දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
කෙසේවෙතත් මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ එලෙස වර්ජනයක් දියත් කළහොත් බාධා ඉවත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර වෙනත් රාජ්‍ය ආයතනයක් මඟින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ඉටු කර ගන්නා බවයි.
COMMENTS