කැරළිකාර තත්වයට මුල් වූ 20 දෙනා අතරින් දෙදෙනෙක් මරා දැමුණු අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දස දෙනෙක් පමණ පළාගොස් ඇති අතර ඔවුන් ස...
කැරළිකාර තත්වයට මුල් වූ 20 දෙනා අතරින් දෙදෙනෙක් මරා දැමුණු අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දස දෙනෙක් පමණ පළාගොස් ඇති අතර ඔවුන් සොයා නගරය පුරා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මකය.
ගතවූ මාස හතර පුරාම වෙනිසියුලාව තුළ පවතින්නේ නොසන්සුන්කාරී තත්වයකි. රටේ ආර්ථිය බලා සිටියදී කඩා වැටෙන සහ ජනතාව කුසගින්නේ පසුවන වාතාවරණයක් තුළ ජනාධිපතිවරයා සිය බලය රැක ගැනීම සඳහා හමුදාවෙන් කොන්දේසි විරහිත සහයෝගයක් ලබමින් සිටිනා බවට ප්‍රබල විවේචනයක් තිබේ. රටේ සාමාන්‍ය ජන ජීවිතයට මෙම හමුදාකරණයේ බලපෑම කෙතෙක් ද යත්, ක්‍රමයෙන් බලවත් වෙමින් සිටින වෙනිසියුලා විපක්ෂය පසුගිය මාසයේ නිල නොවන ජනමත විචාරණයක් පැවැත්වූයේය. එහිදී අසනු ලැබූ එක් ප්‍රශ්නයක් වූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හමුදා සහාය අවශ්‍ය යැයි ජනතාව සිතනවාද යන්නයි.
මේ අතර ජනපති මඩුරෝ පවසන්නේ අලුත්ම සිද්ධි දාමය පසුපස සිටින්නේ විපක්ෂය සහ විපක්ෂයට සහාය ලබාදෙන ඇමරිකානු හා කොලොම්බියානු රාජ්‍ය දේරා්හීන් බවයි.
-අමාලි ජයවීර
COMMENTS