සූකර උණ රෝගය හේතුවෙන් ඔවුන් විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානය වන පානී පදනමේ උත්සවයකටද සහභාගි වීමට නොහැකි වී ඇත. ආමීර් ඛාන් පසු...
සූකර උණ රෝගය හේතුවෙන් ඔවුන් විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානය වන පානී පදනමේ උත්සවයකටද සහභාගි වීමට නොහැකි වී ඇත.
ආමීර් ඛාන් පසුගිය දිනවල අලුත්ම යාෂ් රාජ් චිත්‍රපටය වන ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’ නමැති චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියේය. අමිතාබ් භච්චන් සහ කත්‍රිනා කයිෆ් ද එයට රංගනයෙන් එක් වෙති. මේ අතර අමීර් රඟපෑ ‘සීක්‍රට් සුපර්ස්ටා’ නමැති චිත්‍රපටය ඉදිරි දිනවලදී තිරගත වීමට නියමිත අතර එය නිෂ්පාදනය කර තිබෙන්නේ ඔහුගේ බිරිඳ වන කිරන් රාඕ විසිනි.
මේ අතර ඉන්දීය වෛද්‍යවරුන් පවසන්නේ සූකර උණ රෝගයේ නව මාදිලියක් මේ දිනවල ඉන්දියාව පුරා පැතිර යමින් තිබෙන බවයි. ජූලි මස අග සිට මේ දක්වා මරණ 5 ක් වාර්තා වී ඇති අතර, චන්දිගාර් වැනි නගරවලින් දිනකට රෝගීන් පස් දෙනෙක් පමණ වාර්තා වන බව ද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
-අමාලි ජයවීර
COMMENTS