බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් ප්‍රදර්ශනය වන ලෙස වර්ණ සංකේත යෙදීමේ ක්‍රමය හඳුන්වා දුන්නේ යම් සේද ඉදිරියේදී බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණ...
බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් ප්‍රදර්ශනය වන ලෙස වර්ණ සංකේත යෙදීමේ ක්‍රමය හඳුන්වා දුන්නේ යම් සේද ඉදිරියේදී බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් අනුව බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද (05) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ 69 වැනි වාර්ෂික කමිටු සැසිවාරයේ සමාරම්භක උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
බ්‍රිතාන්‍ය ආදී රටවල ක්‍රියාත්මක මෙම බදු ක්‍රමය මෙරටට හඳුන්වාදීම තුළින් බෝනොවන රෝග පාලනය කිරීම අපේක්ෂාව වන බවත් ඉදිරියේදී එම රෙගුලාසි ලුණු හා මේදය සම්බන්ධවද ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS