පෙබරවාරි 10 කියන්නේ සිරිසේන මහත්තයාගෙනුයි, අගමැතිතුමාගෙනුයි වාඩුව ගන්න දිනය බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩු විරෝධී ජනමතය පෙන්නුම් කරන...
පෙබරවාරි 10 කියන්නේ සිරිසේන මහත්තයාගෙනුයි, අගමැතිතුමාගෙනුයි වාඩුව ගන්න දිනය බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩු විරෝධී ජනමතය පෙන්නුම් කරන මැතිවරණය වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (07) පෙරවරුවේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්ය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පෙබරවාරි 10 ජනවාරි 08 වෙනිදා වගේ අලියට රැවටුනොත්, හංසයාට රැවටුනොත්, ආයෙමත් වික්‍රමසිංහව බල ගන්වන්න කතිරේ ගැහුවොත් වෙන මොකක්වත් නෙවෙයි වෙන්නේ මිලියන 11කට වඩා හොරකම් කරපු මහ බැංකුවේ බැඳුම්කර වංචාව දෙගුණ තෙගුණ කරලා කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. අගමැතිතුමාට හිතනවා අලියට ගහපු කතිරෙන් කිව්වේ කරපන් අගමැතිතුමෝ දිගටම හොරකම් තමයි කිව්වේ කියලා. මේ ජෝඩුව කයිවාරු කෙලින ජෝඩුවක්. මේ අවුරුදු දෙකහමාරකට වැඩි කාලය බොරුවෙන්න ගෙවිච්ච අවුරුදු දෙකහමාරක්. කයිවරුවෙන්, පම්පෝරියෙන් ගත කරපු කාලයක්.”
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 බලයට ඇවිල්ලා කයිවරුවෙන්, පම්පෝරි කෙළ කෙළ හිටියේ නැහැ. රටේ ආර්ථිකය හැදුවා. ත්‍රස්තවාදය තුරන් කළා. රට ස්ථාවර කළා. එදා මෙදාට වඩා අතමිට සරුවෙලා තිබ්බේ නැද්ද? අද මේ තක්කඩි ආණ්ඩුව ඇවිල්ලා වගතුවක් වුණේ නැහැ මේ රටේ පොදු ජනතාවට. පෙබරවාරි 10 කියන්නේ සිරිසේන මහත්තයාගෙනුයි, අගමැතිතුමාගෙනුයි වාඩුව ගන්න දිනය. පාරට බැහැලා පෙළපාලි යන්න බැරි නම් කතිර පෙළපාලිය ජන්ද පොළට අරගෙන යන දිනය.” යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS