පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊයේ(21) පස්වරුවේ පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩලයට ලිඛිතව සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව වාර්තා වෙයි.
ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට දන්වා ඇති බවයි.
ස්ථිර ලේකම්වරයෙකු පත් කර ගන්නා තෙක් වැඩ බලන ලේකම්වරයා ලෙස නීතීඥ කපිල ගමගේ මහතා කටයුතු කරන බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ප‍්‍රියන්ජිත් විතාරණ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින් සටහනක් තබා ඇත්තේ අද දින පටන් තමන් ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සහාය දුන් සියල්ලන්ට ස්තුතිය පල කරන බවත්ය.
මේ අතර මීට පෙර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතාද පක්ෂ නායකත්වය විවේචනය කරමින් ප්‍රකාශයන් සිදුකර තිබිණි.
COMMENTS