1990 වසරේ ඔක්තෝම්බර් 30 වනදා කොටි සංවිධානය විසින් යාපනය නාවට්තුරේයි, පොම්මුවේලි හා අංජිසන්ධි ප්‍රදේශවල වැසියන්ට පැය දෙකක කාලයක් ඇතුළත යා...
1990 වසරේ ඔක්තෝම්බර් 30 වනදා කොටි සංවිධානය විසින් යාපනය නාවට්තුරේයි, පොම්මුවේලි හා අංජිසන්ධි ප්‍රදේශවල වැසියන්ට පැය දෙකක කාලයක් ඇතුළත යාපනයෙන් පිටත් වන ලෙසට දුන් දැනුම් දීමට අනුව සියලු මුස්ලිම් වැසියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලට පිටත් වූයේ ජීවිත ආරක්ෂාව පතාය.
මේ අනුව අංජිසන්ධි ප්‍රදේශයේ වැසියන් පිරිසක් කොටි සංවිධානයට විරෝධය පා නිරාහාරව 30 වැනිදා පුරාවට උපවාසයක් සංවිධානය කොට තිබූ අතර නාවට්තුරෙයි හා පොම්මුවේලි ප්‍රදේශවලද සිහිපත් කිරීම් සංවිධානය කොට තිබිණි.
පහත ඡායාරූපවලින්, වර්ෂාව ද නොතකා අංජිසන්ධි ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ උපවාසයේ අවස්ථා දැක්වේ.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS