දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස සහ අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නියුතු සිරකරුවන්ගේ ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් පන්ති වර...
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස සහ අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නියුතු සිරකරුවන්ගේ ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් පන්ති වර්ජනය කිරීම හේතුවෙන් මෙසේ මෙම පීඨ වසා දැමීමට තීරණය කර ඇත.
මදිඅරසන් සුලක්ෂන්, දර්ශන් ගනේශන් සහ ආර්. තිරුවරුල් නම් රැඳවියන් තිදෙනා අනුරාධපුර බන්ධනාගාරයෙහි සිය උපවාසය ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් 25 වනදාය. ඒ අනුව අද වන විට උපවාසයට දින 36ක් පිරී ඇති අතර උපවාසය තවමත් ක්‍රියාත්මකය.තමන් තිදෙනාගේ නඩුව වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමට විරෝධය පා ඔවුහු මෙසේ උපවාසයේ නිරතවී සිටිති. එම නඩුව චෝදනාපත්‍රය සංශෝධනයට යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට පෙර ද වසර 4ක් කල් ගත කර තිබූ නඩුවකි.
මෙම උපවාසය හරහා පොදුවේ දේශපාලන සිරකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සංවාදය හා ඔවුන් නිදහස් කරන ලෙස වන ඉල්ලීම ශක්තිමත් තැනකට පැමිණ ඇතත් රජයේ පාර්ශ්වයෙන් මීට විසඳුමක් ලබාදෙන ආකාරයක් මෙතෙක් දක්නට ලැබී නැත.
- රංජිත් නිශාන්ත
COMMENTS