ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ රහස් අංක ඉතා සූක්ෂම ලෙස කැමරා සවිකර හඳුනාගෙන මුදල් ලබාගැනීමේ නිරත කල්ලියක් අත්අඩංගුවට ගැ...
ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ රහස් අංක ඉතා සූක්ෂම ලෙස කැමරා සවිකර හඳුනාගෙන මුදල් ලබාගැනීමේ නිරත කල්ලියක් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය සමත් වී තිබේ.
කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරතව සිට ඇති මෙම කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී සී.සී.ටී.වී. කැමරාවක්, ජංගම දුරකතන 03ක, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 02ක්, ATM කාඩ්පත් 13ක් හා තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ත් 50ත් අතර වන අතර ඔවුන් වැල්ලවත්ත, වව්නියාව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශව පදිංචිකරුවන්ල බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වව්නියාව පොලීසිය විසින් සිදුකරයි.
ඡායාරූප පහතින්
දිනසේන රතුගමගේ
COMMENTS