සමෘද්ධි ව්‍යාපාරය “ජන ඉසුර” ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනාවලදී ප්‍රකාශ වූ බව අද (11) දින මාධ්‍ය කරනු ලැබූ වාර්තා සත්‍යයෙන් තොර බව සමා...
සමෘද්ධි ව්‍යාපාරය “ජන ඉසුර” ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනාවලදී ප්‍රකාශ වූ බව අද (11) දින මාධ්‍ය කරනු ලැබූ වාර්තා සත්‍යයෙන් තොර බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.
අය වැය කතාවේදී එය නිවැරදිව සන්නිවේදනය නොවූ නිසා එය වැරදි ලෙස මාධ්‍ය වාර්තාකර ඇති බව එස්.බී දිසානායක අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකල 2017 අයවැය කතාවේ සඳහන් වූයේ, “අපගේ ඉලක්ක කරගා යාමට සුදුසු උපායමාර්ගික ක්‍රමවේදයක් ඇති කිරීම තහවුරු කරන අතර මේ පිළිබඳව සොයා බැලීමට කාර්ය සාධණ බලකායක්ද පත්කරනවා. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර’ ලෙස නම් කිරීමට මා යෝජනා කරනවා“ යනුවෙනි.
අමාත්‍ය එස්.බී.දිසානායක මහතා නිකුත් කළ එම නිවේදනය පහතික්.
සමෘද්ධි ව්‍යාපාරය “ ජන ඉසුර” ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනාවලදී ප්‍රකාශ වූ බව අද (11) දින මාධ්‍ය විසින් කරනු ලැබූ වාර්තා සත්‍යයෙන් තොර බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.
ජනාධිපතිතුමන් විසින් 2017 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිත දුප්පත් කම තුරන්කිරීමේ වැඩ සටහන ජන ඉසුර ලෙස නම් කළ යුතු බව යෝජනා වූ බවත්, එහෙත් මුදල් ඇමැතිවරයා විසින් සිදු කළ අයවැය කථාවේදී මෙම කාරණය නිසි පරිදි සන්නිවේදනය නොවූ බවද අමාත්‍ය දිසානායක මහතා ප්‍රකාශ කරයි.
එබැවින් “ සමෘද්ධිය ”ජන ඉසුර ලෙස නම් කළ බව පැවසීම සාවද්‍ය කාරණයක් බව ඇමැතිවරයා අවධාරනය කරයි.
දැනට දිවිනැගුම ලෙස භාවිතා කරන වචනය සමෘද්ධිය ලෙස වෙනස් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, මේ වන විට එය නීති කෙටුම් පත් දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්, සමෘද්ධි ව්‍යාපාරය ඉදිරියේදී එලෙසම නීත්‍යාකූලව හඳුන්වන බවත් ඇමැතිවරයා සඳහන් කර සිටී.
COMMENTS