වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සොහොයුරකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදූර්දීන් අද (06) දිනයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉ...
වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සොහොයුරකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදූර්දීන් අද (06) දිනයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු වන රිෆ්ඛාන් බදූර්දීන් අද දිනයේ ඉල්ලා අස් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ සන්ධාන ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයාට අවස්ථාව ලබා දීම සඳහා තමන් මෙසේ ඉල්ලා අස් වන බවය.
උතුරු පළාත් සභාවේ 107 වන සැසිවාරය, සභාපති සී.වී.කේ. සිවඥානම් මහතාගේ මූලිකත්වයෙන් අද උදෑසන ආරම්භ වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රිෆ්ඛාන් මන්ත්‍රීවරයා තම ඉල්ලා අස් වීම දැනුම් දී තිබේ.
COMMENTS