සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිගු ආනයනය කිරීමට මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වෙනස් කොට බඩ ඉරිඟු ආනයනය ඒකාධිකාරයක් බවට පත් කිරීමෙන් රජය...
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිගු ආනයනය කිරීමට මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වෙනස් කොට බඩ ඉරිඟු ආනයනය ඒකාධිකාරයක් බවට පත් කිරීමෙන් රජය තමන් දැඩි අසාධාරණයකට ලක් කර ඇති බවට සත්ව ආහාර නිෂ්පාදකයෝ මැසිවිලි නගති.
මෙරට නිපදවන බඩ ඉරිගු අස්වැන්න ප්‍රමාණවත් නොවන හෙයින් සත්ව ආහාර සඳහා බඩ ඉරිගු අතිරේක ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය අවසර ලබා දෙන අතර එම අවශ්‍ය ප්‍රමාණය කෝටා වශයෙන් සත්ව ආහාර නිෂ්පාදකයන්ට බෙදාදීම 2015 වසරට පෙර අනුගමනය කළ ක්‍රමවේදය වු අතර ආණ්ඩුව එම කෝටා ක්‍රමය නතර කිරීමෙන් සත්ව ආහාර නිෂ්පාදනය දැඩි අනතුරකට ලක්කර තිබෙන බවද ඔවුහු කියති.
මේ අතර බඩ ඉරිඟු ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ඒකාධිකාරය යටතට පත්කර තිබෙන අතර බඩඉරිගු මෙට්‍රික්ටොන් මෙවන් 50,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබා දී තිබෙන බව ද ඔවුහු කියති.
බඩ ඉරිඟු ආනයනය එක් ආයතනයක් හෝ පුද්ගලයකුට හෝ පමණක් ලබා දීමෙන් ඇතිවන ඒකාධිකාරය හේතුවෙන් විවිධ අක්‍රමිකතා දුෂණ හා මිල ඉහළ යෑම සිදුවිය හැකි පෙර පැවති ක්‍රමයට බඩඉරුගු ආනයනයට අවසර ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සත්ව ආහාර නිෂ්පාදකයෝ පවසති.
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වසරකට සාමාන්‍යයෙන් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් පමණ අවශ්‍ය වන අතර මේ වසරේ දී මහ කන්නයේ නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දාහක් පමණ වන අතර යල කන්නයේ නිෂ්පාදනය මෙට්‍රික්ටොන් තිස්දාහක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
සත්ව ආහාර සදහා අවශ්‍ය වන ඉතිරි බඩඉරිගු ප්‍රමාණයෙන් කොටසක් හෙවත් මෙට්‍රික්ටොන් පනස්දාහක් ආනයනය කිරීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය රජය අවසර ලබාදී තිබේ.
COMMENTS