විදෙස්ගතව සිටින මෙරට ශ්‍රමිකයන් 600ක පමණ පිරිසක් වසරක දී මියයන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. මෙම පිරිස අතර ව...
විදෙස්ගතව සිටින මෙරට ශ්‍රමිකයන් 600ක පමණ පිරිසක් වසරක දී මියයන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
මෙම පිරිස අතර වැඩිම පිරිසක් මිය යන්නේ සෞදි අරාබියේ දී බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ රටවලදී විවිධ අනතුරුවලට මුහුණ දෙන මෙම පිරිස් වෙනුවෙන් කටයුතු කිරීමට මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් බහුතරයකට නිසි දැනුමක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති වැඩසටහනකදී ඔහු කියා සිටියේය.
ඒ අය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විධිමත් පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බව ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
COMMENTS