සිංහල බෞද්ධ ලේබලය යටතේ මිනිසුන් මුලා කරන ඊනියා දේශපාලකයන්ට හැදෙන්න හොඳම තැන හාලිඇල බවත් අඩුම තරමේ හාලිඇලෙන් හෝ ජාතික සමඟිය උගත යුතු බවයි...
සිංහල බෞද්ධ ලේබලය යටතේ මිනිසුන් මුලා කරන ඊනියා දේශපාලකයන්ට හැදෙන්න හොඳම තැන හාලිඇල බවත් අඩුම තරමේ හාලිඇලෙන් හෝ ජාතික සමඟිය උගත යුතු බවයි ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේ. මේ අතර කවුරු විරුද්ධ වුවත් අනිවාර්යයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා වලට හිමි බලතල දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්පුර්ණ සහය දිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාද උතුරේ ජනතාවට බොරු කියන එක නවතා දැමිය යුතු බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේය. ජන්ද ලබා ගැනීමේ අරමුණින් විග්නේශ්වරන් මහතාද ජාතිවාදය වපුරමින් සිටින බවයි හෙතෙම සඳහන් කළේ.
https://www.youtube.com/watch?v=wwUdul-H23M&feature=youtu.be
COMMENTS