දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සූමා මහතා ගමන්ගත් ගුවන් යානයක් අද (02) අලුයම හදිසියේ කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්සවා තිබේ. ඒ ඔහු ගමන්ගත් දක...
දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සූමා මහතා ගමන්ගත් ගුවන් යානයක් අද (02) අලුයම හදිසියේ කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්සවා තිබේ.
ඒ ඔහු ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීමටයි.
ඔහු රැගත් ගුවන් යානය චීනය බලා පිටත්ව යන අතරතුර මෙසේ කටුනායකට ගොඩබැස්වූ බව වාර්තා වේ.
එ් අනුව ගුවන් යානයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ මද වේලාවක් ගත කළේය.
ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් චීනය බලා පිටත්ව ගියේය.
COMMENTS