සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව ඊයේ (01) ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් පවත්...
සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව ඊයේ (01) ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් පවත්වා ඇතැයි 'ද මැලේසියන් ටයිම්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.
මහින්ද රාජපක්ෂ මහතා මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීම සඳහා ක්වාලාලම්පූර් නුවරට ළගා වූ අවස්ථාවේ මෙම විරෝධතාවය පවත්වා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මැලේසියාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන වන පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානය ඇතුළු එරට දෙමළ ප‍්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් ඊයේ ක්වාලාලම්පූර් අගනුවරදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව විවිධ සටන් පාඨ හා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී තිබේ.
පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානයේ සභාපති කෙලෙයි මුගිලන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ලංකාවේ දෙමළ ජනයාට හිරිහැර කළ නායකයෙකු සාමකාමී රටක් වන මැලේසියාවට පැමිණීම නිගරුවක් වන බවයි.
ඡායාරූප පහතින්.
COMMENTS