දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට
Homeප්‍රවෘත්ති

මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට

PropellerAds

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස හා ප්‍රජාතන්තුවාදය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජගත් මහලේකම් බෑන් කී මූන් මහතා ප්‍ර...

ජනතාවගේ දුකට විසදුම මා අගමැති කරවීමයි.. මා අගමැති වුණාම මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදා ජන දුක නිමනවා - සජිත්
නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී - (වීඩියෝ මෙන්න)
නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී - (වීඩියෝ මෙන්න)
මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස හා ප්‍රජාතන්තුවාදය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජගත් මහලේකම් බෑන් කී මූන් මහතා ප්‍රකාශ කරයි.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඒ මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අතර එම අවස්ථාවේදී මහලේකම්වරයා මේ බව පැවසීය.

ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ සියලු පළාත්වලට සාධාරණ සංවර්ධනයක් ලබාදීම වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවත්, ඉදිරියේදි සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සහ මහලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කොට තිබේ.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ පසුගිය වසර එක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව සියලු ක්ෂේත‍්‍රන්හි ලබා ඇති ප‍්‍රගතිය ප්‍රසංසනීය බවත් මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවත්ය.

ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා දැනට රජය ගෙන ඇති පියවර පිළිබඳව ද මහ ලේකම්වරයා දැනුවත් කළේය.

එමෙන්ම නැවත පදිංචිකිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, ඉඩම් නිදහස් කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය මාර්ග නඟාසිටුවීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී බෑන් කී මුන් මහතා දැනුවත් කළේය.

තම සංචාරය අතරතුරු  ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් එහි තරුණ ප‍්‍රජාව සමග සංවාදයක නිරතවීමට තමාට අවස්ථාව ලැබුනු බවත් මෙහිදී පැවසූ බෑන් කී මුන් මහතා අද ඔවුන් දරන නව ආකල්ප සහ එම ප‍්‍රදේශවල තහවුරු වී ඇති සාමකාමී සමාජය පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවද ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

මෙම මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසියේ දී ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකාව කටයුතු කරනු ඇති බවට තමා ඉතා සුබවාදී අපේක්ෂා තබා ඇති බව ද ජගත් මහ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට
මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට
http://ift.tt/2bXV3am
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy