රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා රාජපක්ෂවරුන් තිදෙනකු තුන් පැත්තකින් සිය දේශපාලන සටන ආරම්භ කොට තිබේ.මහින්ද රාජපක්ෂ මහතා ජනහමු අමතමින්, ආගමික ස්...
රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා රාජපක්ෂවරුන් තිදෙනකු තුන් පැත්තකින් සිය දේශපාලන සටන ආරම්භ කොට තිබේ.මහින්ද රාජපක්ෂ මහතා ජනහමු අමතමින්, ආගමික ස්ථානවල පින්කම්වලට සහභාගි වෙමින් ජනතාව දැනුවත් කිරීමේ සටනක යෙදී සිටින අතර බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් පක්ෂය ගොඩනැඟීමේ කටයුතු මුළු රටම ආවරණය වන අන්දමට මේ වන විට ක්‍රියාත්මක කොට තිබේ.
එම පක්ෂයේ ආසන බල මණ්ඩල, පක්ෂ ශාඛා, තරුණ, කාන්තා, වෘත්තීය සමිති හා නීතිඥ සංවිධාන ආරම්භ කිරීම බොහෝ දුරට ක්‍රියාත්මක කොට ඇති අතර ඔහුගේ ඉලක්කය වන්නේ ලක්ෂ 20ක සාමාජිකත්වයක් නව පක්ෂයට බඳවා ගැනීමයි. ඉන් අනතුරුව නව පක්ෂයේ ප්‍රථම සමුළුව පැවැත්වීමට සූදානම් වෙයි.
මේ අතර තුන්වැනි රාජපක්ෂ හෙවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කඩතුරාවකින් වසා, රටේ වියත් උගත් වෘත්තීයවේදීන් එක්කාසු කර රට හදන වැඩපිළිවෙළක් හඳුන්වා දීමේ අලුත් වැඩසටහනකට මුල පුරා තිබේ. ලබන සැප්තැම්බර් මාසයේ සිට එම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කොට තිබේ. ඒ අනුව 'වියත් මඟ' සම්මන්ත්‍රණ හා දේශන මාලාවක් පැවැත්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සංවිධාන කටයුතු කරගෙන යයි.
COMMENTS