දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමාත්‍යංශ විෂය පථ වෙනස් වෙයි - වැඩි කොටසක් රාජපක්ෂට
Homeප්‍රවෘත්ති

අමාත්‍යංශ විෂය පථ වෙනස් වෙයි - වැඩි කොටසක් රාජපක්ෂට

PropellerAds

රංජිත් මද්දුම බණ්‌ඩාර, අකිල විරාඡ් කාරියවසම් සහ මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් යටතේ මෙතෙක්‌ කලක්‌ පැවැති දෙපාර්තමේන්තු සහ ආයතන කිහිපයක්‌ ඔ...

සාගරට අපල කාලය ලබයි... පොහොට්ටු මන්ත‍්‍රින් ගුටි බැට දෙන්න යයි... උස්සා පොලොවේ ගසන බව කියයි
පොහොට්ටුව තුනට කැඩේ... නාමල්, සාගර, ජ්‍යෙෂ්ඨ පිල් තුනයි... ජ්‍යෙෂ්ඨ පිල රනිල් තුරුලට!
කෙලෙහිගුණයක් නැතැයි චීනය ලංකාව හා අමනාපයෙන්! වෙලද ගිවිසුමකට බලපෑම්!
අමාත්‍යංශ විෂය පථ වෙනස් වෙයි - වැඩි කොටසක් රාජපක්ෂට

රංජිත් මද්දුම බණ්‌ඩාර, අකිල විරාඡ් කාරියවසම් සහ මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් යටතේ මෙතෙක්‌ කලක්‌ පැවැති දෙපාර්තමේන්තු සහ ආයතන කිහිපයක්‌ ඔවුන්ගෙන් ඉවත්කර උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා වෙත භාර දී ඇත. 

අමාත්‍යංශ හතළිහක පමණ මෙතෙක්‌ කලක්‌ පැවැති විෂය පථයන් වෙනස්‌ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පෙරේදා (12) රාත්‍රියේ අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කර ඇත. මෙම ගැසට්‌ නිවේදනයට අනුව මෙතෙක්‌ කලක්‌ අධ්‍යාපන ඇමැතිවරයා යටතේ තිබූ ටවර් රඟහල පදනම, ලංකා කලා මණ්‌ඩලය, සීගිරි උරුමය පදනම, පුරාවස්‌තු හා ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්‌කෘතික අරමුදල, උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යටතට පත් කර ඇත. එමෙන්ම මෙතෙක්‌ කලක්‌ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා යටතේ තිබූ ජාතික චිත්‍රපට සංස්‌ථාව ඔහුගෙන් ඉවත් කර එයද සංස්‌කෘතික ඇමැතිවරයා යටතට පත් කර ඇත.

මෙතෙක්‌ කලක්‌ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය යටතේ තිබූ වී අලෙවි මණ්‌ඩලය හා හදබිම අධිකාරිය අලුත් ගැසට්‌ නිවේදනය මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කර තිබේ. එමෙන්ම මෙතෙක්‌ කලක්‌ බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පැවැති බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ඇත.

මීට අමතරව කන්තලේ සීනි සමාගම සහ උක්‌ පර්යේෂණ ආයතනය, හිඟුරාන සීනි සමාගම, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැතිවරයා යටතට පත් කර ඇත. මලික්‌ සමරවික්‍රම මහතා අමාත්‍ය ධුරය හොබවන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ මෙතෙක්‌ කලක්‌ පැවැති මහපොළ භාරකාර අරමුදල ඉවත් කර උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යටතට පත් කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල, උසස්‌ තාක්‍ෂණ හා අධ්‍යාපන ආයතනය කබීර් හෂීම් මහතා දැරූ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිව තිබිණි. විජයදාස රාජපක්‍ෂ මහතා උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් නිසා කබීර් හෂීම් මහතාගෙන් එම විෂයයන් ඉවත් කර රාජපක්‍ෂ මහතා වෙත පවරා ඇත.

රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා යටතේ තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්‌ථාව අකිල විරාඡ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත.
 මේ අතර සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ පැවැති දිවිනැඟුම සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතට පවරා ඇත. ජාතික සමාජ සංවර්ධන ආයතනය සමාජ ආරක්‍ෂක මණ්‌ඩලයද එම අමාත්‍යාංශයට පවරා ඇත.

වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, ආබාධ තැනැත්තන් සඳහා වන මහ ලේකම් කාර්යාලය හා ජාතික සභාව සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතට අලුතින් පත්කර ඇත. සියලු රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා සමාගම රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාත්‍යංශ විෂය පථ වෙනස් වෙයි - වැඩි කොටසක් රාජපක්ෂට
අමාත්‍යංශ විෂය පථ වෙනස් වෙයි - වැඩි කොටසක් රාජපක්ෂට
http://am.lk/media/k2/items/cache/5295f01eb7b3f6802c37eb642c641e70_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_997.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_997.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy