මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සොයාගත් නවතම තොරතුරු ඇතුළ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සොයාගත් නවතම තොරතුරු ඇතුළත් වැඩිදුර විස්තර වාර්තාවක් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල යන මහත්වරුන් මේ මස 25 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ මහතා අධිකරණය හමුවේ පෙනි සිටියේ නැත. ඔහු අසනීප බව පවසමින් අධිකරණයට දැනුම් දී ඇත්තේ පැමිණිය නොහැකි බවය.
විත්ති පාර්ශවය වෙනුවෙන් අද දින වැඩිදුර කරුණු ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කෙරිණි.
COMMENTS