ගරු අගමැතිතුමනි.. මේ වන විට ඔබ තුමන්ගේ උප නායක හා වත්මන් විදේශ අමත්‍ය වරයාට ඇති චෝදනා බරපතලය.එය හුදු චෝදානාවක් පමනක් නොවන බව මෙන්ම , එහි...
ගරු අගමැතිතුමනි..
මේ වන විට ඔබ තුමන්ගේ උප නායක හා වත්මන් විදේශ අමත්‍ය වරයාට ඇති චෝදනා බරපතලය.එය හුදු චෝදානාවක් පමනක් නොවන බව මෙන්ම , එහි සත්‍ය අසත්‍යතාවද මේ වන විට සමාජය හමුවේ අනාවරනය වි හමාරය.
එදා ජේ.ආර් යුගය.
1.කඹුරුපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.ඊ මල්ලවාරච්චි මහතා මන්ත්‍රී ධුරයෙන් නෙරපා හැරීම.
චොදානාව -ගුරු පත්විමකට අදාලව මුදල් ලබා ගැනීම.
2.හේවා හැට පාර්ලිමේන්තු මන්ත්‍රි ඇම්.ඒ අනුර ඩැනියල් මහතා මන්ත්‍රි ධුරයෙන් නෙරපා හැරීම.
චෝදනාව - රත්‍රං බිස්කට් ආනයනයට අදාල සිදුවිමකි.
3.එවකට පොතුවිල් මන්ත්‍රීවරයා පර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීම.
චෝදනාව - පත්විමකට අදාලව ශිතකරනයක් ලබා ගැනීම.
ගරු අගමැතිතුමනි.
"යම් කලෙක රජවරු ආධාර්මික වන විට රජයේ සේවකයන්ද අධාර්මික වන බවත් ,යම් කාලෙක රජවරුන් දුර්වලනම් සොරු බලවත් වන බවත් අංගුත්තර නිකායේ සමච්ත්ත පත්ත කර්ම වර්ග" පෙන්වා දෙමින් ඔබතුමන් 2005 වසරේදි ඉදිරිපත් කල දේශපාලනය හා ධර්මය කෘතිය ඉතාමත් සිත් ගන්නා සුලුය.
එහි සදහන් පරිදි වර්තමානයේ සිදුව අත්තේ රජුන් අධාර්මික වීමද නොඑසේනම් රජුන් දූර්වල වී සොරු බලවත් විමද යන ප්‍රශ්නයට තවමත් පිලිතුරු සැපයිය හැක්කේ ඔබ තුමන්ටම බව මාගේ විශ්වාසයයි.
සටහන-Nilanga R Madugoda
COMMENTS