සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙකු බවත් ජ.වි.පෙ...
සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙකු බවත් ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(08) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසී ය.
“සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවෙයි ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙක්. ඔහුගේ වාහනයේ වෛද්‍ය ලාංඡනය ප‍්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා ගැටලූවක් තිබෙනවා. මෙම සයිටම් ආයතනයේ අයිතිකරු, ප‍්‍රධාන මහාචාර්යවරයා, විධායක නිලධාරියා වංචනිකයින් ලෙස කටයුතු කරනවා. නඩු තීන්දුවලට අදාළ ඇටකටු ගබඩා කර තිබෙනවා. එනිසා මෙය ඉතාම වංචනික ආයතනයක්.“
“මුලින්ම සයිටම් ආයතනය වංචා කළා කියලා එයට එරෙහිව සටන් කළේ සයිටම් ආයතනයේ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමව්පියනුයි. තමන්ට සිදුවුණු අසාධාරණය කියන්න දෙමාපිය සංගමය ගැමුණු විජේරත්න, අපේ පක්‍ෂය හමුවුණා. එනිසා මෙම වංචනික ආයතනයක් බව ප‍්‍රකාශ කළේ ඔවුන්මයි. එසේ තිබියදී එම ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කළේ නැහැ. අපිට ගැටලූව තිබෙන්නේ සයිටම් ආයතනය සමඟ පමණක් නොවෙයි. රජයේ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ සඳහා පමණක් මේ ආණ්ඩුව ඉඩ පහසුකම් තිබියදී පසුගිය වසරේ ළමුන් 698ක් බඳවා ගත්තේ නැහැ.“ යැයිද දිසානායක මහතා සඳහන් කළේය.
“කාලයක් මේ ආණ්ඩුව අපේ රටේ කැසිනෝ දාන්න ඉඩ දුන්නා. තවත් වරක රාජ්‍ය ආයතන සමාගම්වලට පාලනය කරන්න ඉඩ දෙනවා. දැන් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල දමන්න ඉඩ දීලා. එනිසා මෙම අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සටනක් දියත් කළ යුතුයි. දැනටත් අපේ රටේ වෛද්‍ය පීඨ 04ක් ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒවා ආරම්භ කරන්නට මේ ආණ්ඩු කිසිදු පියවරක් ගන්නේ නැහැ.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS