නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු මෙතෙක් ගෙවීමට රජය කටයුතු ක...
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු මෙතෙක් ගෙවීමට රජය කටයුතු කර නොමැති බව කිරිවෙහෙර විහාරස්ථානයේ ආරංචි මාර්ග පවසයි.
කතරගම කිරිවෙහෙර දී විහාරාධිපති හිමියන් ඇතුළු තවත් හිමි නමකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ නාහිමියෝ හම්බන්තොට සිට කොළඹ වෙත ගුවන් මගින් රැගෙන ආ අතර ඉන්පසුව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළේය.
සිද්ධිය සිදු වූ පසු දින රජය මාධ්‍ය මගින් නිවේදනය කරනු ලැබූවේ කිරිවෙහෙර නාහිමියන්ගේ ගුවන් ගමන් වියදම් සහ රෝහල් වියදම රජය විසින් දරන බවයි.
මේ වන විටත් කොළඹ, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ආසිරි සර්ජිකල් පෞද්ගලික රෝහලේ කොබවක ධම්මින්ද හිමියන් ප්‍රතිකාර ලබන අතර මේ වන තෙක් රෝහල් ගාස්තුව රුපියල් මිලියන 03 ඉක්මවා තිබේ.
කෙසේ වෙතත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ රෝහල් ගාස්තු ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.
පසුගිය ජුනි මස 12 වන දින රාත‍්‍රී 10.40 ට පමණ කිරි වෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් කිරිවෙහෙර චෛත්‍යය වන්දනා කර සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි ප‍්‍රහාරයකදි විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය.
කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොල සෝභිත හිමියන්ද මෙම වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුලත් කරනු ලැබීය.
කතරගම රෝහලට ඇතුලත් කරන ලද හිමිවරුන් දෙපල වැඩිදුර ප්රතිකාර සදහා තිස්සමහාරාම හා හම්බන්තොට රෝහල්වලට මාරු කර යැවීමට රෝහල් බලධාරීන් එදිනම ක්‍රියාකර තිබිණි. හම්බන්තොට මුලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝග මත සිද්ධිය වූ දිනට පසු දින එනම් ජුනි 13 සවස 2.00 ට පමණ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ඇතුලත් කරනු ලැබීය.
තුවාල ලැබූ වීදාගම සෝභිත හිමියන්ද 16 දින හම්බන්තොට රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්රතිකාර සදහා කොළඹට රැගෙන විත් තිබේ. කිරිවෙහෙර නාහිමියන්ගේ සියළු රෝහල් ගාස්තු රජයෙන් ගෙවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන්නේ යැයිද මාධ්‍ය වාර්තා කර තිබුණි.
COMMENTS